යළි පාසල් අරින හැටි

573


කොවිඞ් උවදුර සමනය වීමත් සම`ග පාසල් යළි විවෘත කිරීම අදියර 04 යටතේ පැවැත්වීමටත් එහිදී ප‍්‍රථමයෙන් 01 සිට 05 ශ්‍රේණි දක්වා පංති ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

පාසල් යළි විවෘත කළ යුතු ක‍්‍රමවේදය නිර්දේශ කරනු පිණිස කොවිඞ් නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව තාක්ෂණික කමිටුවක් ස්ථාපනය කර ඇති අතර එම කමිටුව විසින් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

වයස අවුරුදු 12ට අඩු ළමුන්ට එන්නත්දීම අවශ්‍ය නොවන බැවින් වත්මන් කොවිඞ් පාලනය වූ පසුව සමග පාසල් යළි විවෘත කිරීමේදී 01 සිට 05 ශ්‍රේණිවල පාසල් 3884 ක් මුල් අදියර යටතේ පටන් ගැනේ. තාක්ෂණික කමිටුවේ තීරණ ලැබුණු විගස අවුරුදු 12-15 ත් සහ 16-19 අතර වයස් කාණ්ඩවල ළමුන් ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ පූර්ණ අනුමැතිය ඇතිව එන්නත් කරන බව මහාචාර්ය පෙරේරා මහතා කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment