යළි පිබිදෙන ප‍්‍රසංග වේදිකාව

125

ප‍්‍රසංගවලට ආරාධනා ලැබෙනවා – ඇන්ටන් පෙරේරා


අවුරුදු දෙකකටත් වැඩි කාලයකට පස්සෙ අපිට ලැබුණ මේ අවස්ථාව ගොඩක් වටිනවා. ඇත්තටම අපි හැමෝම බොහොම අසරණ තත්ත්වයට පත්වෙලා හිටියේ. පසුගිය අවුරුද්දෙ දෙසැම්බර් මාසයේ ලැබුණ කෙටි අවසරයෙන් අපිට මංගල උත්සව කිහිපයකට සංගීතය සපයන්න අවස්ථාව ලැබුණා. එතැනින් පස්සෙ ආයෙත් ඒ අවස්ථාව අහිමි වුණා.

ඇත්තටම දැන් අපි හරි සතුටින් ඉන්නෙ ප‍්‍රසංග වේදිකාව පෙර තිබුණ තැනට ආයෙත් ගේන්න පුළුවන් වේවි කියල. මේ වන විට කර්මාන්ත ශාලා මගින් පවත්වන ප‍්‍රසංග වලට වගේම එළිමහන් ප‍්‍රසංග වලටත් ආරාධනා කිහිපයක්ම ලැබිලා තියෙනවා.

හැමදෙනාම කල්පනාවෙන් වැඩ කළොත් සුපුරුදු විදිහට බාධාවකින් තොරව විනෝදාස්වාදය විඳින්න. අවස්ථාව ලැබිවි.


වටිනා අවස්ථාවක් – ජින්ජර් වයිට්


දැනට අවුරුදු දෙකකටත් වැඩි කාලයක් තිස්සේ ප‍්‍රසංග සම්පූර්ණයෙන්ම නැවතිලා තිබුණා. මේක වසංගතයක් පවතින අවස්ථාව. රජයට දොස් කියල පළක් නැහැ. අපි දැනගන්න ඕනා වසංගතයත් එක්ක ජීවත් වෙන්න.

මේ ලබා දුන්න අවසරය කලාකරුවන්ට ගොඩක් වටිනවා. ඒ වගේම මේ වන විට ප‍්‍රසංග සඳහා ආරාධනා ලැබෙමින් පවතිනවා. සෞඛ්‍ය පුරුදු රැුකගෙන ආයෙත් රට වසා දමන තැනට කටයුතු නොකර නුවණින් කටයුතු කරන්න කියල රසිකයන්ගෙන් ඉල්ලනවා.


සෞඛ්‍ය නීති පිළිපදින්න – අසංග ප‍්‍රියමන්ත පීරිස්


ඇත්තටම රටේ තිබුණ අයහපත් තත්ත්වයත් එක්ක අපි අවුරුදු දෙකහමාරක් හිරවෙලා හිටියා. කලාකරුවන් වන අප ජීවත් වුණේ ප‍්‍රසංග වේදිකාවෙන්. නැවතත් ඒ අවස්ථාව ලබාදීම ගැන රජයට ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම පවතින තත්ත්වය සැලකිල්ලට අරගෙන සෞඛ්‍ය නීති පිළිපදිමින් ප‍්‍රසංග නරඹන්න එකතු වෙන්න කියල රසික රසිකාවියන්ගෙන් බොහොම ආදරෙන් ඉල්ලනවා.


සංවිධායකවරු අලූත් සෙල්ලමක – ශානිකා වනිගසේකර

පාස්කු ප‍්‍රහාරයත් එක්ක ප‍්‍රසංග නැවතුණා. මෙක තමයි ලංකාවේ ක‍්‍රමය. ප‍්‍රශ්නයක් වුණ ගමන් මුලින්ම නවතින්නෙ සංගීත ප‍්‍රසංග. අවසානයේ ඒකට ඉඩ දෙන්නෙ අනෙක් හැමදේම පටන්ගත්තට පස්සෙ. දැනුත් නොදී බැරිකමට අපිට අවස්ථාවක් දීලා තියෙනවා. ක්‍ෂේත‍්‍රය ලොකු කඩාවැටීමකට ලක්වෙලා. ක‍්‍රිකට් බලන්න දුන්න අවස්ථාව සංගීත ප‍්‍රසංගවලට දුන්න නම් ගොඩක් වටිනව.

කොහොම වුණත් මේ ලබා දුන් අවස්ථාවට බොහොම ස්තූතියි. ඒ වගේම මේ වෙනුවෙන් සටන් කරපු හැමදෙනාටමත් බොහොම ස්තූතියි.

මේ අතර ප‍්‍රසංග සංවිධායකවරු අලූතින් වැඩක් පටන් අරගෙන තියෙනවා. ඒ තමයි” ‘තාම පටන්ගත්ත විතරනෙ. ෂෝස් නෑනෙ. කියල ශිල්පීන්ගේ මුදල අඩු කරනව. කවුරුවත් විනෝදාංශයක් හැටියට සිංදු කියන්නෙ නැහැ. ඒක රැුකියාව. ඒ රැුකියාව බාල්දු කරන්න එපා.

රසිකයන් මොන විදිහට විනෝද වුණත් කමක් නැහැ. අනෙක් අයවත් ආරක්‍ෂා කරගෙන දිගටම මේ තත්ත්වය පවත්වාගෙන යන්න කටයුතු කරන්න.



නියම කාලෙදි අවසර ලැබුණෙ නැහැ – රොෂාන් ප‍්‍රනාන්දු


සාමාන්‍යයෙන් ලංකාවේ මොන ව්‍යසන තත්ත්වයක් ආවත් මුලින්ම නතර වන දෙයක් තමයි සංගීත ප‍්‍රසංග කලාව. අනෙකුත් බොහෝ දේවල්වලට අවසර ලැබුණත් ප‍්‍රසංග වේදිකාවට අවසර ලැබෙන්නෙ අන්තිමට.

නත්තල් කාලෙට” අවුරුදු කාලෙට තමයි ප‍්‍රසංග වේදිකාවට වැඩි ඉල්ලූමත් තියෙන්නෙ. නමුත් ඒ කාලේ අපිට අවස්ථාව ලැබුණෙ නැහැ. මේ තාක් කලක් සංගීත කණ්ඩායම්” ගායක ගායිකාවන් සහ ඊට අදාළ සියලූම දෙනා හිටියේ ලොකු අර්බුදයක. ඒ නිසා මේ ලැබුණ අවස්ථාව ගැන කාටවත් ස්තූති කරන්න බැහැ.

රසිකයන්ට කියන්න තියෙන්නෙ මේ ලැබුණ අවස්ථාව අවභාවිත නොකර විනෝදාස්වාදය විඳින්න කියල.


කලාකරුවන් කියන්නෙත් මිනිස්සු – නලීන් පෙරේරා



කලාකරුවන් කියන්නෙ රටේ ප‍්‍රශ්නයක් වෙනකොට සමාජයෙන් කොන් වෙන්න ඕන පිරිසක් නොවෙයි. ඔවුනුත් අනෙක් අය වගේම පූර්ණ ප‍්‍රජා අයිතිය තියෙන අය.

ප‍්‍රසංගයකදි මිනිස්සු එක්රොක් වෙනව තමයි. නමුත් ඒවා ක‍්‍රමානුකූලව කරන හැටි අදාළ අංශ දැනුම්වත් කළා. ඒත් බලධාරීන් විසින් ඒ සැලසුම් ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කරන්න උත්සාහ කළේ නැහැ. අපිත් පාරට බැහැල උද්ඝෝෂණ කරන්න උත්සාහ නොකර ඉවසීමෙන් බලාගෙන හිටියා. නමුත් මේ ක්‍ෂේත‍්‍රයෙන් යැපෙන විශාල පිරිසක් ඉන්නව කියල කවුරුවත් හිතුවෙ නැහැ.

කලාකරුවන් කියන්නෙත් මිනිස්සු. නැවතත් මෙවැනි අවස්ථාවක විවෘත මනසින් බලල දිගුකාලීනව හිතල කටයුතු කරන්න කියල පාලකයන්ගෙන්

ඉල්ලනවා. ඒ වගේම තවමත් රට සියයට සියයක් නිදහස් නැහැ. අපි අපේ සීමාවල් වල ඉඳගෙන අනවශ්‍ය විදිහට ප‍්‍රශ්න ඇතිකරගන්නෙ නැතිව කටයුතු කරමු.


මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment