යාචකයකු සිටුවරයෙක් කරන සිටුවරයෙක් යාචකයෙක් කරන ගෙදරක උළුවහු තැබීම

285

දුප්පත්කම හා ධනවත්කම පරතරය සැමදා පැවතුන ද දුප්පත්කමවත් ධනවත්කමවත් සදාකාලික නොවේ. අද සිටුවරයකු ලෙසින් ජීවත් වුණ අය හෙට දිලින්දෙකු බවට පත්වන්නේ නෙැසිතු ලෙසිනි. ඒ වගේම අද දුගී යාචකයෙකු හෙට ධන කුවේරයෙක් බවට පත්වෙන්නේ ද නොසිතූ ලෙසිනි. කිසිම දෙයක් සදාකාලික නොවන බව තථාගතයන් වහන්සේ ද මෙයට වසර 2500 කට ප්‍රථම වදාළේ ජාතක කතා ලෙසින් රජුන්, සිටුවරුන් යාචකයන් විමත්, දුගී යාචකයන් සිටුවරු බවටත් පත් වුණ හා පත්වෙන ආකාරයත් පෙන්වා දෙමිනි.

පූර්ව ආත්මයන්හි කරන ලද දන්දීම ඇතුළු කුසල් සම්භාරයන් කළ අය මේ ආත්මයේ පංච බල සම්පත්ති විඳියි. එය ජන්ම පතේ සටහන්ව ඇත්තේ ශුභඵල දෙන ග්‍රහයන් බලවත් වීමෙනි. එසේ නැති විට අකුසල් බලවත්ව අශුභ ග්‍රහයන් නීචවීමෙන් අගහිඟකම්, දුක්කම්කටලු ඇතිවය. නමුත් ජන්ම පතේ කොතරම් ධනය ලැබීමට ග්‍රහ බලය පැවතුන ද තමන් වාසය කරන නිවසේ වාස්තු දෝෂයන්ට ලක්ව පින මතුවීමේ අවස්ථාව අහිමිවන අවස්ථා ඕනේ තරම් දක්නට ලැබේ. මේ ආකාරයේ බලවත් වාස්තු දෝෂයක් ගැන තමයි අද කතා කරන්නේ. එනම් නිවසකට ධනය ගලා එන නිවසින් ධනය ගලා යන ද්වාර හෙවත් දොරවල් සටහන ගැන කතා කරමු. නිවසක බාහිරව පවතින ඇතුල්වීමේ හා පිටවීමේ දොරවල් යෙදී ඇති අන්දමත් ඒවා නියමාකාරයෙන් වාස්තු විද්‍යානුකූලව තබන ආකාරය පිළිබඳවත් කෙරෙන සටහන ද්වාර සටහනයි. වාස්තු විද්‍යානුකූලව බැලීමේදී නිවසක දොරවල් තැබීම අනුව විවිධ ශුභාශුභ ප්‍රකාශ කෙරේ. මෙම දොර තැබීමේ ක්‍රමය අනුව එම නිවස ද නම් කෙරේ. නිවසක තබන දොරවල් 16 වර්ගයක් ගැන වාස්තු විද්‍යාවේ සඳහන්ය. එමෙන්ම එම දොර ක්‍රම 16 ෂොඩශ ගෘහ වින්‍යාසය යනුවෙන් ප්‍රස්ථාරගත කොට ඇත. එය ප්‍රස්ථාර ක්‍රමයෙන් විස්තර කර ඇත. ඒ බව විෂ්මකර්ම ප්‍රකාශයේ මෙලෙස දැක්වේ.

ගුරොරාධොලඝුං සථාප්‍යඃ

පූරාසතාදුර්ධානයසෙත්

ගුරුභිං පශවිමෙපුවේ සර්‍වලඝ්වවධීර්පියඃ

ස්‍යාද ලිfන්‍ද්‍රා ලඝු සථානො

නාලින්ද්‍රං ගුරු මාශ්‍රිතම්

ප්‍රදක්‍ෂිණෛර්‍ගහවාර දිලිffන්‍ද්‍රදිශ

ෂඩ්මිධා

මේ ප්‍රස්තාරයේ වක්‍ර වූ රේඛාව (C) ගුරු ලෙස ද සෘජු රේඛාව (1) ලඝු ලෙස ද ගනු ලැබේ.

ෂොඩශගංස ප්‍රස්තාරය

යාචකයකු සිටුවරයෙක් කරන සිටුවරයෙක් යාචකයෙක් කරන ගෙදරක උළුවහු තැබීම

ඉහත ප්‍රස්තාරය අනුව ධනය විනාශ වන දුගී බවට පත් කරන ද්වාර වර්ගය හා නිවාස මොනවාද එවැනි නිවසක පදිංචි වීමෙන් ඇති වෙන අහිත ප්‍රතිඵල හා අකුසල් යටපත් වන පිහිටීම් ඇති ද්වාර වර්ග මොනවාද යන්න බලමු.

දුගී බවට පත් කරන ද්වාර සටහන්

  1. දුර්මුඛ වර්ගය

සුවක්ත්‍රං භොගදං නුනං දුර්මුඛං විමුඛපුදම්

සර්ව දුක්ඛ ක්‍රෑරං විපක්‍ෂං ශත්‍රැභීතිදම්

උතුරට මුහුණලා පමණක් පිහිටි ද්වාරය සහිත නිවාස දුක්කම්කටොලු පිරී ජීවිතය පවා එපාවෙන එකම තැනක පල්වුණ ජීවිත නිර්මාණය කරන දුගී බව ඇති කරන නිවාසයකි.

  1. ඛර වර්ගයේ

බස්නාහිරට නිවසක ප්‍රධාන ද්වාරය තැබීම අශුභ ලෙස මතයක් පැවතියද එය සිදුවන්නේ බස්නාහිරට පමණක් ඇතුල්වීමේ පිටවීමේ ද්වාරයක් පවතිනවා පමණක්ය. එවිට ගැටලුවලින් පීඩාවට පත්ව දුගී බවට පත්වන බව සඳහන්ය.

  1. ආක්‍රාන්ත වර්ගය (ආක්‍රාන්‍ද්‍රං ශෝක ජනනං)

උතුරු දිශාවට, නැගෙනහිර දිශාවට හා බටහිර දිශාවට ද්වාරයන් යෙදී ඇති නිවස හඳුන්වන්නේ ආක්‍රාන්ත වර්ගය ලෙසිනි. මෙය පදිංචියට නුසුදුය. සොර සතුරු පීඩා සොර සතුරු බිය, විශාල ධන හානි ඇතිවේ දුගී බවට පත් වේ.

  1. උග්‍ර වර්ගයේ නිවාස

උතුරට හා නැගෙනහිර දිශාවන්ට දොරවල් පිහිටි නිවාස උග්‍ර වර්ගයේ නිවාස යනුවෙන් හැඳින්වේ. මෙම ගෘහය ද නිතර කරදරවලට, ශෝක ජනක සිදුවීම්වලට, ධන විනාශයට හා දුගී බව ඇතිවීමට හේතු වන නිවසකි.

  1. නන්ද වර්ගය

නැගෙනහිරට, දකුණට, දොරවල් යොදා ඇති නිවාස නන්ද වර්ගයට අයත් ගෘහයක් ලෙසින් හැඳින්වේ. මෙම වර්ගයේ නිවාසවල සාමය නොරැදේ. ස්ත්‍රීන්ට වෙනත් සම්බාධකවලට යොමු වීමට පුළුවන. ධනය නොරැදේ. දුගී බවට පත්වේ.

“නාදං ස්ත්‍රි හානිදං නුනං ඛර සම්පත් විනාශ නම්”

  1. රිපුද වර්ගය

උතුරට හා දකුණට ද්වාර යෙදී ඇති ගෘහය රිපුදවර්ගයට අයත් වේ. සොරසතුරු පීඩා, බිය ගෙනදේ. ධනය විනාශ වේ. දුගී වේ.

  1. නාශ වර්ගය

උතුරට බටහිරට ද්වාර ඇති නිවස නාශ වර්ගයට අයත්ය ලෙඩ දුක්, සතුරු කරදර, ධන හානි, කිසිම ඉතුරුවක් නොපවතී දුගී බවට පත් වේ.

ඉහතින් පෙන්වා දුන් නිවාස 06 වර්ගයම කොතරම් මිල මුදල් ලැබුණ ද ඉතිරියක් නොමැති කුමන ක්‍රමයකින් හෝ ධනය විනාශයට පත්වෙන දුගී බවට පත්වෙන ද්වාර යෙදී ඇති නිවාස වර්ගයි. නමුත් නිවසක ද්වාර යෙදී ඇති දිශාවන් බොහෝ දෙනකු පරීක්ෂාවට ලක් කරන්නේ උළුවස්සහි මුහුණත වැටී ඇති දිශාව බලාය. මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වැරදිය. නිවසක ද්වාර සටහන බැලිය යුත්තේ බ්‍රහ්ම පාද ලක්ෂ්‍ය මත සිට 450 ට කෝන බලාගෙනය. බොහෝ අය එකම පැත්තක උළුවහු දෙකක් මුහුණත හෙවත් උළුවස්සේ සිට එළිය පැත්ත බලන බලන දිශාව අනුව දිශාවන් පැවසුව ද බ්‍රහ්ම පාද ලක්ෂයේ සිට 450 කෝණය බලන විට මෙම උළුවහු දෙකම එකම දිශාවේ පැවතිය හැකිය.

ඉහතින් පෙන්නුම් කළ නිවාස

වර්ගයන්ගෙන් පදිංචි ඕනෑම ධනවතකු දුගියෙක් කිරීමට බලවත් වාස්තු දෝෂයන් වන ද්වාර දෝෂය ඉතා ප්‍රබල වාස්තු දෝෂයක් වේ.

ඒ වගේම දිලිදු පුද්ගලයකු හෝ පහත දැක්වෙන නිවාස වර්ගවල පදිංචි වීමෙන් ඔහු ධනය, බලය යස ඉසුරු ලබන අයෙක් වන බව වාස්තු විද්‍යාවේ පෙන්වා දේ. එම නිවාස අතර සුමුඛ වර්ගය, විපුල වර්ගය, ධන ද වර්ගය හා විජය වර්ගයයි.

  1. සුමුඛ වර්ගය

නැගෙනහිරට, බටහිරට, දකුණට යන දිශා තුනටම උළුවහු තබා ඉදිකරන ලද නිවාස සුමුඛ වර්ගයට අයත් වේ. ඉතා ශුභයි. ධනය, කීර්තිය, සම්පත් ගලා ඒ.

  1. විපුල වර්ගය

උතුරට, බටහිරට, දකුණට දොරවල් යොමු වන පරිදි උළුවහු තැබීමෙන් ගෞරවය, ප්‍රශංසා, කීර්තිය, ධනය නොවඩුව ලැබේ.

  1. ධනද වර්ගය

උතුර, නැගෙනහිර, දකුණ යන තෙදිශාවට ද්වාර ඇති නිවස ධනද හෙවත් ඒකදය වර්ගය ලෙසින් හඳුන්වයි. මෙහි ධනය පිරී ඉතිරි යයි. සාමය, සෞභාග්‍ය හදිසි ධන ලාභ ඇති වේ. වාසනාවන්තයි.

  1. විජය වර්ගය

යම් නිවසක උතුරට, නැගෙනහිරට, දකුණට, බටහිර යන සිව් දිශාවට ද්වාර තබා ඇතිවිට එය හඳුන්වන්නේ විජය වර්ගය ලෙසයි. වාස්තු විද්‍යාවේ පෙන්වා දෙන අන්දමට සාමය, සෞභාග්‍යය, වාසනාව, යස ඉසුරු සම්පත් ලැබෙන ධනය පිරීයන වාසනාවන්ත නිවසක් වේ.

යාචකයකු සිටුවරයෙක් කරන සිටුවරයෙක් යාචකයෙක් කරන ගෙදරක උළුවහු තැබීම

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment