යාත්‍රාවේ සිටි ශ්‍රීලාංකිකයන්ගෙන් වියට්නාම බලධාරීහු ප්‍රශ්න කරති

327

සිංගප්පුරු හා වියට්නාම සීමාවට අයත් ගැඹුරු මුහුදේදී අනතුරට පත්වූ යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයන්ගෙන් වියට්නාම බලධාරීන් හා සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය ඊයේ (09 දා) පෙරවරුවේ සිට තොරතුරු ලබා ගැනීම ආරම්භ කළ බව වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය.

මෙම පිරිස පෙරේදා (08 දා) පස්වරු 6.00 පමණ වනවිට ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් වියට්නාම භූමියට රැගෙනවිත් තිබිණි.

එසේ රැගෙන ආ විගස වියට්නාම රජය ඔවුන් සියලුදෙනාට නවාතැන් පහසුකම් හා අවශ්‍ය ආහාර පාන ඇතුළු සෙසු පහසුකම් සැපයීමට කටයුතු කළ බව වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසන්න ගමගේ මහතා පැවසීය.

තුන්සියයක් පමණ වූ එම පිරිස සමග කතාකර තොරතුරු ලබාගැනීමට දින කිහිපයක් ගතවනු ඇතැයි ද සඳහන් වේ.

මෙම පිරිස සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර තීරණය කරනු ලබන්නේ එසේ සියලු තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment