යාපනයට කාඞ්බෝඞ් මිනීපෙට්ටි ඉල්ලයි

193

යාපනයේදී මියයන කොරෝනා රෝගින් සංඛ්‍යාව වැඩි වීමත් සමගම මිනී පෙට්ටි සම්බන්ධයෙන් ගැටලූ රැුසක් පැන නැගී ඇති නිසා යාපනයට කාඞ්බෝඞ් මිනීපෙට්ටි සපයා දෙන ලෙස මිනීපෙට්ටි අලෙවිකරන්නන් රජයෙන් ඉල්ලීමක් කොට තිබේ.

යාපනයේ මිනී පෙට්ටි අලෙවි කරන්නන් මේ පිළිබදව යාපනය දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති අංගජන් රාමනාදන් මහතාගෙන් ඉල්ලීමක් කිරීමට සාකච්ඡුාවක් ඉල්ලා ඇති අතර යාපනයේ මිනී පෙට්ටි වෙළෙන්දන් කියා සිටින්නේ මේ දිනවල යාපනයේ මිනී පෙට්ටිවල මිල ගණන් එකිනෙකට වෙනස් මිලක් වීම නිසා කොරෝනා රෝගයෙන් මියයන පවුල්වල පිරිස් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බවයි. සියලූම දෙනා භාවිත කරනු ලබන්නේ කාඞ් බෝඞ් මිනී පෙට්ටි නම් එවැනි තත්ත්වයක් උද්ගත නොවන බව පෙන්වා දෙන යාපනයේ මිනී පෙට්ටි වෙළෙන්දෝ බස්නාහිර පළාතෙන් නිපද වූ කාඞ්බෝඞ් මිනී පෙට්ටි ලබා ගැනීමට ක‍්‍රමයක් යාපනයේ ව්‍යාපාරිකයින්ටද සලසා දෙන මෙන් ඉල්ලා සිටිති.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment