යාපනයෙන් ඉන්දියා යන්න හතලිස්දාහට, 50000ට

257

යාපනය අන්තර් ජාතික ගුවන් තොටුපල ලබන මස (ජූලි) මස 1 දා විවෘත කිරීමට පියවර ගැනීමත් සමගම යාපනය හා ඉන්දියාව අතර ප්‍රකාශයට පත්වී ඇති ගුවන් ටිකට්පත් ගාස්තු ජනතාවට දැරිය නොහැකි බව යාපනයේ ජනතාව ප්‍රකාශ කොට සිටී.

යාපනය හා ත්‍රිචී අතර තනි ගමනකට ගුවන් ටිකට් පත් ගාස්තුව රුපියල් 40000 ක් වන අතර චෙන්නායි හා යාපනය අතර ටිකට් පත් ගාස්තුව රුපියල් 50000 ක් වශයෙන් ප්‍රකාශයට පත්ව ඇත.

යාපනයේ ජනතාව ප්‍රකාශ කරන්නේ මෙම ගුවන් ටිකට් පත් ගාස්තු තමන්ට දැරිය නොහැකි ලෙස ඉහල මිලකට නියම කොට ඇති නිසා වහාම මගී ජනතාවට සහනයක් සලසා දීමට පියවර ගන්නා ලෙසයි. මෙම ගුවන් ගමන් සදහා ටිකට් පත් නිකුත් කිරීම 21 වෙනිදා සිට ආරම්භ වීමට නියමිතව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment