යාපනයේදී කොටුවූ අපරාධ කල්ලියේ මහමොළකරුවෝ දෙන්නා ඉන්දියාවට පළා ගිහින්

191

* සෙස්සෝ පොලිසියට ගතු කියති

යාපනයේ මිනීමැරුම්, නිවෙස්වලට පහරදීම්, කප්පම් ගැනීම් ඇතුලූ‍ අපරාධ  රැසකට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනා කප්පම් වශයෙන් ගත් මුදල්ද සමග ඉන්දියාවට පළාගොස් ඇති බවට යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනා පාපොච්චාරණය කොට තිබේ.

යාපනය පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම තරුණයින් හතරදෙනා අත්අඩංගුවට ගත් පසුව  පසුගියදා යාපනයේ මරදනාමඩම් ප‍්‍රදේශයේදී පලතුරු වෙළෙන්දෙකු කඩුවලින් කපා කොටා ඝාතනය කොට ඇත්තේ මේ කණ්ඩායම විසින් බවට තොරතුරු හෙළි වී ඇති අතර ඊට යොදාගත් කඩු හතරක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෙම කණ්ඩායම මෙහෙයවන ලද දේවා හා ජෙනී නමැති දෙදෙනා ඉන්දියාවට පළාගොස් ඇති බව අත්අඩංගුවට පත් සැකකරුවෝ පොලීසියට ප‍්‍රකාශ කොට තිබේ. යාපනය පොලීසියේ අපරාධ විමර්ශන අංශය සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කරගෙන යයි.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment