යාපනයේ ඉඩමකින් අවි ගබඩාවක් මතුවෙයි – අධි බලැති පුපුරන ද්‍රව්‍ය මෝටාර් හා තවත් යුද උපකරණ රැසක් ඒ අතර

254

යාපනයේ මරදන්කේණී ප‍්‍රදේශයේ ඉඩමකින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අධි බලැති පුපුරණ ද්‍රව්‍ය මෝටාර් හා තවත් යුද උපකරණ රාශියක් 24 දා සොයාගෙන තිබේ.

මරදන්කේණී ප‍්‍රදේශයේ පෞද්ගලික ඉඩමක් සුද්ධ කිරීමට ගිය අවස්ථාවේදී මුලින්ම ඉඩම් හිමියාට මෙම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය වළ දමා තිබූ ස්ථානය හමු වී තිබේ.

ඔහු විසින් ඒ පිළිබ`ද පොලිස් විශේෂ කාර්ය බළකායට හා යුද හමුදාවට දැනුම් දීමෙන් පසුව එම නිලධාරීන් පැමිණ අදාළ ස්ථානය හාරා මෙම පුපුරණ ද්‍රව්‍ය මෝටාර් බෝම්බ ඇතුලූ‍ යුද උපකරණ තොගය ගොඩගෙන ඇත.

චාවාකච්චේරී පොලීසිය සිද්ධිය පිළිබ`ද පරීක්ෂණ පවත්වාගෙන යයි.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment