යාපනයේ ඉන්ධන පිරවුම් හලක තදබදයෙන් කළමනාකරු පඩිපෙළින් වැටී මරුට

442

යාපනය කරවෙඩ්ඩි ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක කළමනාකරුවෙකු ජනතාවගේ අධික තදබදය මත පඩිපෙළකින් ගමන් කරමින් සිටියදී ඉන් තල්ලු වී ගොස් බිම ඇද වැටීම නිසා 2 දා මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් අත්තේ අනුර අනුෂාන් නැමති 34 හැවිරිදි අයෙකි.

අදාළ කළමනාකාරවරයා පඩි පෙළින් අද වැටීමෙන් පසුව බරපතළ තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහු එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. යාපනයේ කරවෙඩ්ඩි පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment