යාපනයේ උත්තියසෝතී ප්‍රංශ පොලිසියේ ඉහළම තනතුරකට පත්වෙයි

691

ප්‍රංශයේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරකට යාපනයේ දෙමළ තරුණයෙකු පත් කොට තිබේ.

උත්තියසෝතී කලන් නමැති මෙම තරුණයා ප්‍රංශයේ පොලිස් ඩිප්ලෝමා සහතික පත්‍ර විභාගයට පෙනී සිට ඇති අතර ඊට සහභාගී වූ 176 දෙනෙකු අතරින් 30 දෙනෙකු තෝරා ගැනීමේදී එම විභාගයෙන්ද ඔහු සමත් වී ඇත.

විභාගය සමත්වීමෙන් පසුව ඔහුට ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු පිළිබද අමාත්‍යවරයා විසින් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුර පිරිනමා ඇත.

කලන් ගේ මව හා පියා යාපනය අතහැර ගොස් කාලයක් තිස්සේ ප්‍රංශයේ පදිංචි වී සිටී.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment