යාපනයේ කත නෝර්වේ මැතිසබයට

388

නෝර්වේහි දී පෙරේදා (13) දින අවසන් වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී යාපනයේ කාන්තාවකට නෝර්වේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ආසනයක් හිමි වී තිබේ.

යාපනයේ ඉපදී වයස අවුරුදු තුනේදී නෝර්වේ රාජ්‍යය වෙත ගිය කම්ෂාජිනී ගුණරත්නම් ලේබර් පක්ෂයෙන් නෝර්වේ පාර්ලිමේන්තුවට තරග කොට මෙම මන්ත‍්‍රී අසුන දිනාගෙන තිබේ.

2015 ඔක්තෝබර් 21 දා පැවති නෝර්වේ නගර සභා මැතිවරණයේදී ඇය නියෝජ්‍ය නගරාධිපතිනිය වශයෙන් තේරී පත් වූ අතර යළි 2019 වසරේදීද එම තනතුරටම මහජන ඡුන්දයෙන් පත් වී තිබේ.

2021 නෝර්වේ මහ මැතිවරණයේදී ඇය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක් බවට පත්ව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment