යාපනයේ තරුණයෙක් සරුංගලයක් සමග අඩි 20ක් උඩ ගිහින්

531

යාපනයේ පුලෝලි ප‍්‍රදේශයේ සරුංගල් යවමින් සිටි තරුණයකු සරුංගලය සමග උඩ ගොස් බිමට පැන ජීවිතය බේරා ගැනීමට සමත්වී ඇතැයි පේදුරුතුඩුව පොලිසිය කියයි.

මෙම තරුණයා සහ ඔහුගේ මිතුරන් පිරිසක් සරුංගල් යවමින් සිටියදී සරුංගල් කීපයක නූල් එකින් එක ගැට ගසා තිබී ඇත.

මෙම තරුණයා තම සරුංගලය ඉහළට යැවීමට සූදානම් වෙද්දී නූලත් සමග ඉහළට ඇදී ගොස් තිබෙන බව පේදුරුතුඩුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ප‍්‍රියන්ත අමරසිංහ මහතා කීවේය.

මෙම සිද්ධිය දුටු ඔහුගේ මිතුරන් කෑගසා ඇති අතර සරුංගල් නූල අතහැර අඩි 20ක් පමණ උඩට ගිය තරුණයා බිමට පැන ජීවිතය බේරාගෙන තිබේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment