යාපනයේ දී නුග ගසක එල්ලී සියදිවි නසා ගත් සිසුවා පිළිබඳ විමර්ශන

418

යාපනයේ පාසල් ශිෂ්‍යයෙකු සිය පොත් බෑගය කරේ තිබිය දීම ලණුවක ආධාරයෙන් නුග ගසක එල්ලී 6 දා සියදිවි හානි කරගෙන තිබේ.

යාපනය අල්ලම්පිඩ්ඩි පාරේ පිහිටි විශාල නුග ගසේ පාසල් ශිෂ්‍යයා එල්ලී සිටිනු දුටු පිරිසක් ඒ බව පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිසිය පැමිණ ශිෂ්‍යයගේ මළ සිරුර යාපනය ශීක්ෂණ රෝහල වෙත භාර දී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ යාපනය ඕල්ඩ් පාර්ක් වීදි ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි මෙල්ටන් අරුන් සංජීවන් නැමති අයෙකි.

යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment