යාපනයේ දූපත් තුනක් හයිබි‍්‍රඩ් විදුලි ව්‍යාපෘතියකට ඉන්දියාවට

236

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුම් හයකට අත්සන්

ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජයිශන්කර් මහතාගේ ශී‍්‍ර ලංකා නිල සංචාරයේදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් හයකට අත්සන් තැබූ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව යාපනයේ දූපත් තුනක දෙමුහුන් (හයිබි‍්‍රඩ්) විදුලි ව්‍යාපෘතීන් කි‍්‍රයාත්මක කිරීම, ඉන්දියානු රජයේ ප‍්‍රදාන යටතේ ශී‍්‍ර ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව කි‍්‍රයාත්මක කිරීම, සමුද්‍රීය මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ලබාදීම, ශී‍්‍ර ලංකාවේ ධීවර වරායන් සංවර්ධනය කිරීම සඳහා සහයෝගය ලබාදීම, ගාල්ල දිස්ති‍්‍රක්කයේ පාසල් 200 ක නවීන පරිගණක විද්‍යාගාර සහ විශේෂයෙන් සැකසූ විෂය මාලා මෘදුකාංග සහිත සුහුරු පුවරු ස්ථාපනය කිරීම, සුෂ්මා ස්වරාජ් විදේශ සේවා ආයතනය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ති‍්‍රක පුහුණු ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඇතුළු වූ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබූ බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවට සහභාගිවීම ඇතුළුව දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා ඉකුත් 27 වැනිදා රාති‍්‍රයේ දිවයිනට පැමිණියේය.

සිය නිල සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, අගමැති මහින්ද රාජපක්‍ෂ, මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ, විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු එහි සාමාජිකයන් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ පක්‍ෂ නායකයන් ද ඉන්දීය විදේශ ඇමැතිවරයා හමුවිය.

ඉන්දීය විදේශ ඇමැතිවරයා අද (30 දා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment