යාපනයේ ධීවරයින්ට ඉන්දීය ධීවරයින්ගෙන් යළිත් බාධා – දැල් කපා මසුන් පැහැර ගනිති

119

ඉන්දීය ධීවරයින් පිරිසක් මහ මුහුද මැදදී යාපනයේ ධීවරයින්ට අයත් රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා දැල් කපා ඒ දැල්වල සිටි මසුන් තොග පසුගිය (25) දා අලූයම පැහැර ගෙන ගිය බව වඩමරච්චි එක්සත් ධීවර සංගමය ප‍්‍රකාශ කරයි.

ධීවර සංගමයේ නිලධාරීන් මේබව නාවික හමුදාවටද පැමිණිලි කොට ඇති අතර ඉන්දීය ධීවරයින් සිදු කළ මේ විනාශය නිසා ඔවුන්ට යළි මුහුදු යාමට නොහැකි අන්දමට දැල් විනාශ වී ඇති බවද කියා සිටිති. ඉන්දීය ධීවරයින් පැමිණෙන ටෝලර් යාත‍්‍රාවල සවි කොට ඇති විශේෂ කොක්කක් මගින් ධීවරයින්ගේ දල් කපන බවත් ඒ දැල් ඔවුන්ගේ යාත‍්‍රාව දෙසට ඇද එහි සිටින මසුන් දැලේ ඉතිරි කැබැල්ල සමග ඔවුන්ගේ බෝට්ටුවලට දමා ගන්නා බවත් යාපනයේ ධීවරයෝ පැවසූහ.

ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට පැමිණෙන කාලයේ සිට මේ දැල් කැපීම හා මසුන් කොල්ල කෑම සිදුවන නමුත් එය මැඩ පැවැත්වීමට රටවල් දෙක අතර පැවති ධීවර සාකච්ඡුාවලදී පවා නොහැකි වූ බව වඩමරච්චි එක්සත් ධීවර සමීතියේ නියෝජිතයෝ කියා සිටිති.

– දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment