යාපනයේ ‘බෲස්ලී’ ඝාතනයේ සැකකරුවෝ අත්අඩංගුවට

261

යාපනයේ ගුරුනගර් ප‍්‍රදේශයේදී ‘බෲස්ලී’ නමින් හඳුන්වන තරුණයාව කඩුවකින් කපා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් ආවා කල්ලියේ හිටපු නායකයකු වන විනෝද් නමැත්තා සමග ඔවුන්ගේ සහායකයන් තිදෙනකු යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් සිදුකන ලද විමර්ශනයකදී මේ පිරිස සැඟව සිටින ස්ථානය හඳුනාගෙන ඇති අතර ඔවුන් යාපනය චුන්නාකම් පොලිසියට කළ දැනුම් දීමක් මත පොලිසිය විසින් ඔවුන් හතරදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. යාපනයේ මරදනාමඩම් ප‍්‍රදේශයේදී යාපනයේ බෲස්ලි නමින් හැඳින්වූ පුද්ගලයාට කඩුවකින් කොටා

පසුගිය 28 දා ඝාතනය කොට තිබුණේ මේ පිරිස බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ. දැනට අත්අඩංගුවේ සිටින විනොද් නමැත්තා යාපනයේ ක‍්‍රියාත්මක ආවා කල්ලියේ නායකයා වශයෙන් සිට ඉන් පසුව ඉන් ඉවත් වී විනොද් කල්ලිය පිහිටුවා ගන්නා ලද පුද්ගලයාය. ඔහුගේ සගයන් වන නිශාන්තන්, කෞෂිකන් හා තවත් අයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය, චුන්නාකම් පොලිසිය සැකකරුවන් සිව්දෙනාගෙන් ප‍්‍රශ්න කර ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment