යාපනයේ මිනිස්සු නිරෝධායන ඇඳිරි නීතිය අකුරටම පිළිපදිති

150

නිරෝධායන ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වන උතුරු පළාතේ ප‍්‍රධාන නගර අතරින් යාපනය නගරය තුළ ඉතා මැනවින් එම නීතිය ක‍්‍රියාත්මක වන බව යාපනය පොලිසිය පැවසීය.

යාපනය නගරය දැඩි ලෙස පාළුවට  ගොස් ඇති අතර නගරයේ ප‍්‍රධාන වීදිවල ගවයන් හා සුනඛයන් පමණක් සිටින බවද පොලිසිය පැවසීය.

කෙසේ වෙතත් පොලිසිය විසින් නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ස්ථාන කිහිපයකම මාර්ග බාධක යොදා ඇති බවද පොලිසිය සඳහන් කළේය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment