යාපනයේ වඩතාරකී වැඩ අරඹයි

357

අබලන් වීම නිසා වසරක් තිස්සේ ගමනා ගමන කටයුතු නැවතී තිබූ වඩතාරකී සුඛෝපභෝගී බෝට්ටුව යළිත් යාපනයේ කුරීකඞ්ඩුවාන් සිට ඩෙල්ෆ්ට් දුපත දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම මගී ප‍්‍රවාහන බෝට්ටුව නඩත්තු කළ අතර එය අබලන් වීමෙන් පසුව අළුත්වැඩියාවට රුපියල් මිලියන 45 ක් අවශ්‍ය වූ නිසා එහි අලූත්වැඩියා කටයුතු නතර වී තිබුණි.

මේ නිසා ඩෙල්ෆ්ට් දුපතේ වැසියන්ට සාමාන්‍ය බෝට්ටුවලින් දැඩි දුෂ්කරතා මධ්‍යයේ ඔවුන්ගේ ගමනා ගමන කටයුතු පවත්වා ගෙන යෑමට සිදුවුණි.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මේ සම්බන්ධයෙන් නාවික හමුදාව සමග සාකච්ඡුා කිරීමෙන් පසුව වඩතාරකී මගී බෝට්ටුව නාවික හමුදාව විසින් සම්පූර්ණයෙන්ම අලූත්වැඩියා කොට දී තිබේ.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment