යාපනයේ විරෝධතාවකදී අත්අඩංගුවට ගත් මන්ත්‍රී, නීතිඥ ඇතුළු 18කට ඇප

90

යාපනයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයකු නීතිඥයකු ඇතුළු 18 දෙනකු රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇප මත යාපනය මහෙස්ත්‍රාත්වරයා විසින් 11දා නිදහස් කොට තිබේ.

යාපනය අධිකරණයෙන් නිකුත් කළ නියෝගයක් නොතකා යාපනයේදී විරෝධතා රැලියක් පැවැත්වීම හා ඊට මූලිකත්වය දීම යන චෝදනා යටතේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාගේ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සෙල්වකුමාර් ගජේන්ද්‍රන් මහතා ඇතුළු පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණ නියෝගයක් මත මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලිසිය හා මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන් අතර දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබෙන අතර පොලිසිය මන්ත්‍රීවරයා ඔසවා ගෙන ගොස් ජීප් රථයක දමා ගෙන ඇත. මෙම පිරිසට එරෙහි නඩුව මාර්තු මස 21දා විභාගයට ගැනීමට නියමිතය.
දිනසේන රතුගමගේ, මුලතිව් ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment