යාපනයේ වී ගොවීන්ට ඉඩම්

203


දැනට වනසංරක්ෂණ කළාපවලට අයත් එහෙත් මින් පෙර ගොවීන් විසින් වගා කළ ඉඩම් නැවත වගා කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා ගොවි ජනතාව විසින් ඉදිරිපත් කළ ඉල්ලිම් සළකා බලමින් යාපනයේ වී වගා කළ හැකි ඉඩම් හෙක්ටෙයාර් 3054ක් මෙවර මහ කන්නයේ දී වගා කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට සුදානම් යැයි කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
අද පෙරවරුවේ උතුරු පළාතේ වගා කටයුතු සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් වනජීවි අමාත්‍යාංශයේ දී පැවැති අවස්ථාවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment