යාපනයේ සිසුවකු හදිසියේම මරුට

285


යාපනයේ තෝල්පුරම් විග්නේස්වර විද්‍යාලයේ සිසුවකු මහ පාරේ ගමන් කරමින් සිටියදී සිහිසුන්ව ඇද වැටී ඊයේ (16 දා) මියගොස් තිබේ.
ඔහු පාසලේ පැවති පන්තියකට ගොස් ආපසු මිතුරකු හමු වී ඔහු සමග සිසිල් බීම පානය කිරීමට අසල වූ වෙළද සැලක් වෙත යමින් සිටියදී එක්වරම ඔහු බිම ඇද වැටී ඇත.
අවට සිටි පිරිස වහාම ඔහුව යාපනය ශීක්ෂණ රෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇති නමුත් ඔහු රෝහල් ගත කරණ අවස්ථාව වන විට මියගොස් සිටි බව වෛද්‍යවරු ප්‍රකාශ කොට තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ තෝල්පුරම් ප්‍රදේශයේ පදිංචි තවරාසා කෝපිකුමාරන් නමැති 16 හැවිරිදි සිසුවෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment