යාපනයේ සුසාන භූමියකට උතුරේ කුල දෙකක් හැප්පෙයි

295

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් උතුරට ඉඩම් බලතල ලබාදීමට පෙර යාපනයේ පුතුර්හි ‘ක්‍රිස්තුසිටි’ සුසානභූමිය පිළිබඳව උතුරේ ද්‍රවිඩ කුල දෙකක් අතර බරපතළ අර්බුදයක් මතුවී ඇත. මෙම අර්බුදය මතුවී ඇත්තේ පල්ලාර් සහ වෙල්ලාල යන කුල දෙක අතරය.

කලෙයිමති ගම්මානයේ පිහිටි ක්‍රිස්තුසිටි සුසාන භුමියේ විවිධ මළසිරුරු ආදාහනය පිළිබඳව පල්ලාර් කුලයට අයත් ගම්වාසීහු දැඩි විරෝධය දක්වා තිබේ. එහෙත් වෙල්ලාල කුලයට අයත් වූවන් පවසන්නේ උතුරේ ඉඩම් විශාල සංඛ්‍යාවක් තමන්ට අයත් බවයි.

මේ අර්බුදය ගැන ද්‍රවිඩ සන්ධානය දැඩි නිහඬතාවක් දක්වා ඇත. මෙම අර්බුදය නිසා උතුරේ සිරුප්පිඩි ග්‍රාම කමිටුවේ සාමාජිකයන්ට ද ප්‍රහාර එල්ලවී ඇති අතර කෙසෙල් වගාවක් මුළුමනින්ම විනාශ කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment