යාපනයේ හත්දෙනෙක් තමිල්නාඩුවට පලාගොස් සිටියදී අත්අඩංගුවට

177

යාපනයේ පුද්ගලයන් 7 දෙනකු ත්‍රිකුණාමලයෙන් බෝට්ටුවක් උපයෝගී කරගෙන ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට පලාගොස් සිටියදී ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් පිරිස අතර පිරිමි 2ක්, කාන්තාවන් 2ක් සහ ළමුන් 3ක් සිටින බව වාර්තා වේ. තමිල්නාඩුවේ ධනුස්කොඩි ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් ඔවුන්ව මේ වන විට තමිල්නාඩුවේ සිට මණ්ඩපම් සරණාගත කඳවුර වෙත රැගෙන ගොස් අති අතර මේ වන විට උතුරේ පුද්ගලයින් 134 දෙනකු බෝට්ටු මඟින් ඉන්දියාවට ගොස් එහි සරණාගතභාවය ලබාගෙන ඇති බව තමිල්නාඩු පොලිසිය ප්‍රකාශ කරයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment