යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම චිත‍්‍රපටය ඉන්දියාවේ Dostojee

104

ශී‍්‍ර ලංකාවේ ‘The Bachelor Party’ Thaji Dias on Traditional Dance’ සම්මානිත වේ

හත්වැනි යාපනය අන්තර් ජාතික සිනමා උළෙලේ හොඳම කෙටි චිත‍්‍රපටය සඳහා වන පේ‍්‍රක්ෂක සම්මානය ශ‍්‍රී ලංකාවේ Nallaiah Savesan අධ්‍යක්ෂණය කළ ‘The Bachelor Party’ කෙටි චිත‍්‍රපටය දිනාගත් අතර හොඳම කුළුදුල් සිනමා නිර්මාණය ලෙස ඉන්දියාවේ පසුන් ප‍්‍රසුන් අධ්‍යක්ෂණය කළ Dostojee සිනමාපටය සම්මානයට පාත‍්‍ර විය. එහිදී ජාත්‍යන්තර තරගකාරි අංශයේ ජාත්‍යන්තර විචාරක ජූරියේ විශේෂ සම්මානය දිනාගත්තේ බංගලිදේශ සිනමාකරු Mohammad Rabby Miridha අධ්‍යක්ෂණය කළ ‘No ground beneath my feet’ සිනමාපටයයි.

චිත‍්‍රපට උළෙලේ විශේෂිත සම්මානයක් වූ හොඳම ජාතික කෙටි චිත‍්‍රපටය සඳහා පිරිනැමෙන සිලෝන් තියටර්ස් සම්මානය හිමිවූයේ ඉරුෂී තෙන්නකෝන්ගේ අධ්‍යක්ෂණයක් වූ ‘Thaji Dias on Traditional Dance’ සිනමාපටයයි. එම අංශයෙන් තරග කළ ඉරුෂී තෙන්නකෝන්ගේ ‘‘කහට’’ කෙටි චිත‍්‍රපටය එහිදී විශේෂ සම්මානය දිනාගත්තාය.

ඇජෙන්ඩා 14 ආයතනයේ අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණාගේ මූලිකත්වයෙන් සිලෝන් තියටර් සමාගම සහ යාපනය විශ්වවිද්‍යාලයේ ලලිත කලා පීඨය එක්ව හත්වැනි යාපනය අන්තර්ජාතික සිනමා උළෙල සංවිධානය කර තිබිණ.

advertistmentadvertistment
advertistmentadvertistment