යාපනය – ඉන්දියාව ගුවන් ටිකට්පත් ගාස්තු දැරිය නොහැකි බවට ජනතාවගෙන් මැසිවිලි

877

යාපනය අන්තර් ජාතික ගුවන් තොටුපල ජූලි මස 01දා විවෘත කිරීමට පියවර ගැනීමත් සමගම යාපනය හා ඉන්දියාව අතර ප්‍රකාශයට පත්වී ඇති ගුවන් ටිකට්පත් ගාස්තු ජනතාවට දැරිය නොහැකි බව යාපනයේ ජනතාව ප්‍රකාශ කොට සිටියි.වර්තමාන ආර්ථික අර්බුදය හේතුවෙන් යාපනය හා ත්‍රිචී අතර තනි ගමනකට ගුවන් ටිකට් පත් ගාස්තුව රුපියල් 40000 ක් වන අතර චෙන්නායි හා යාපනය අතර ටිකට් පත් ගාස්තුව රුපියල් 50000 ක් වශයෙන් ප්‍රකාශයට පත්ව ඇත. යාපනයේ ජනතාව ප්‍රකාශ කරන්නේ මෙම ගුවන් ටිකට් පත් ගාස්තු තමන්ට දැරිය නොහැකි ලෙස ඉහළ මිලකට නියම කොට ඇති නිසා වහාම මගී ජනතාවට සහනයක් සලසා දීමට පියවර ගන්නා ලෙසයි. මෙම ගුවන් ගමන් සඳහා ටිකට් පත් නිකුත් කිරීම 21 වැනිදා සිට ආරම්භ වෙයි. යාපනය අන්තර් ජාතික ගුවන් තොටුපල කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමන ලද අවස්ථාවේදී යාපනය හා චෙන්නායි අතර ගුවන් ගමන් ගාස්තුව වූයේ රුපියල් 26000 කි.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment