යාපනය – ඉන්දියාව නැව් සේවය ප්‍රමාද වෙයි

122

ජූලි මස 15 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ යාපනය හා ඉන්දියාව අතර මගී නැව් සේවාව පමා වන බව යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ නිවේදනය කර ඇත. කෙසේ වෙතත් එදින සිට ඉන්දියාව හා යාපනය අතර ගුවන් ගමන් සතියේ දින හතේම ක්‍රියාත්මක වන බව පැවසෙයි.

ඉන්දියාව විසින් කළ දැනුම් දීමක් මත ඉන්දියාව හා යාපනය අතර මගී නැව් සේවය ආරම්භ කිරීම තවත් කෙටි කාලයකට කල් දැමීමට සිදුව තිබේ.

නමුත් ගුවන් ගමන් කටයුතු සතියේ දින හතේම ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව දිනපතා පෙරවරු 9.35 ට චෙන්නායි නුවරින් පිටත් වන ගුවන් යානය යාපනයට පැමිණ යාපනයේ සිට ආපසු දහවල් 12.00 ට චෙන්නායි බලා පිටත් වන බව දන්වා ඇත.

මේ අතර දැනට මස හතක් තිස්සේ අත්හිටුවා ඇති කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර දුම්රිය ධාවන කටයුතු ද ජුලි 15 වැනිදා සිට යළි ආරම්භ වෙයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment