යාපනය ඉනුවිල් කන්දස්වාමි කොවිලේ මංජල් තෛයිප‍්‍රසම් උත්සවය ජයටම

121

යාපනය ඉනුවිල් කන්දස්වාමි කොවිලේ මංජල් තෛයිප‍්‍රසම් උත්සවය පසුගිය දිනෙක රාත‍්‍රීයේදී බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි. කොරෝනා උවදුර හමුවේ කොවිල් වලට බැතිමතුන් සහභාගීත්වය පසුගිය කාල වකවානුව තුළ සීමා කර තිබිණි. නමුත් එම සීමා ලිහිල් කිරීමත් සමග බැතිමතුන් විශාල වශයෙන් මෙම අවස්ථාවන්ට සහභාගී විය.

එහිදී වේල් කරත්තය ඇදීම සඳහා දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සිට හින්දු බැතිමතුන් පිරිසක් සහභාගි වූහ. මෙහිදී හින්දු සම්ප‍්‍රදායානුකූලව මෙම උත්සවය පැවැත්වූ අතර ඉකුත් වසරවල පැවැති සෞඛ්‍ය අවදානම හේතුවෙන් මෙම උත්සව නොපැවැත්විනි.

මුලතිව් – ප‍්‍රසන්න ප‍්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment