යාපනය තිස්ස විහාරයේ ප්‍රතිසංස්කරණවලට බාධා නොකරන්නැයි විරෝධතාවක්

489

යාපනය තිස්ස විහාරයේ ප්‍රතිසංස්කරණයන්ට එරෙහිව දෙමළ දේශපාලනඥයන් සිදු කරන විරෝධතාවයන් හෙළා දකිමින් එම විහාරස්ථානයේ කටයුතුවලට බාධා නොකරන ලෙස ඉල්ලමින් යාපනේ සිවිල් වැසියන් පිරිසක් 13 දා විරෝධයක නිරත විය.

යාපනය තිස්ස විහාරයේ ප්‍රතිසංස්කරණවලට බාධා නොකරන්නැයි විරෝධතාවක්

ඔවුන් පවසා සිටින්නේ ආගමික නිදහස රටේ සෑම ප්‍රදේශයකම සේම උතුරු පළාත තුළද පැවතිය යුතු බවයිග ඒ අනුව උතුරේ ජාතිවාදී දේශපාලකයන් බෞද්ධ විහාරස්ථානවලට එරෙහිව මෙසේ කටයුතු කිරීම තමන් දැඩි පිලිකුළෙන් යුතුව හෙළා දකින බව ඔවුන් පෙන්වා දෙයිග අදාළ විරෝධතාකරුවන් මෙහිදී යාපනය තිස්ස විහාරයට පැමිණ තිස්ස රජමහා විහාරයේ විහාරාධිපති ගංතොට නන්දාරාම ස්වාමීන් වහන්සේ බැහැ දැක බෝධි පූජා පිංකමකට ද සහභාගි විය.

එහිදී උන්වහන්සේ යාපනයේ සිවිල් ජනතාවට සෙත් පැතූ අතර විරෝධතාකරුවන් පවසන්නේ දෙමළ ජාතිවාදී දේශපාලකයන් තම පැවැත්ම උදෙසා මෙසේ ජාතිවාදය හා ආගම්වාදය පතුරමින් උතුරේ බෞද්ධයන්ගේ ආගමින නිදහස අහිමි කරන බවයිග මෙම අවස්ථාවට යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිද්ධාර්ථන් ප්‍රමුඛ යාපනය අම්බෙත්කාර් ව්‍යාපාරය යාපනය කාන්තා පෙරමුණ ඇතුළු සංවිධාන නියෝජිතයන් හා සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගි විය.
මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment