යාපනය පොලිසිය පාපැදියෙන් වැඩ

118

ඉන්ධන පිළිබඳව පොලිසිය සහ මහජනතාව අතර නිතර මත ගැටුම් ඇති කරද්දී යාපනය පොලිසිය ඉන්ධන පිරිමසා ගැනීම සඳහා පාපැදිවලින් රාජකාරි කටයුතු කිරීම පුළුල් කර ඇත.

යාපනය පළාතේ විවිධ අපරාධ හොරමැරකම් පිළිබඳව මෙන්ම ලැබෙන පැමිණිලි විභාග කිරීම සඳහා කිලෝ මීටර් හත අට පවා පොලිස් නිලධාරීන් පාපැදියෙන් ගමන්කරන බව යාපනය පොලිස් ආරාංචිමාර්ග කියයි.

යාපනය පළාතේ පිහිටි පාසැලකට පැන්න හොරෙකු අල්ලාගත් ප්‍රදේශවාසීන් මේ බව යාපනය පොලිසියට දැනුම්දීමෙන් පසු හොරා අත්අඩංගුවට ගැනීමට ගොස් ඇත්තේ පාපැදිවලින් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ අනුව ඉන්ධන පෝලිම්වල සිටින ජනතාවට මුල්තැන දීමට යාපනය පොලිසිය ක්‍රියාකාරගෙන යයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment