යාපනය මහනුවර සමගින් අවසන් සටනට එයි – දික්වැල්ල සහ  උදාරගෙන් ශතක

177

ඩයලොග් නැෂනල් සුපර් ලීග් කි‍්‍රකට් තරගාවලියේදී මහනුවර කණ්ඩායම සමගින් අවසන් මහා තරගයට යෑමට සුදුසුකම් ලබා ගැනීමට ධනංජය ද සිල්වාගේ යාපනය කණ්ඩායම ඊයේ (16 වැනිදා) සමත් විය. එ් තීරණාත්මක තරගයේදී කොළඹ කණ්ඩායම කඩුලූ 4කින් පරාජයට පත් කරමිනි.

 කණ්ඩායම් 5ක් තරග වැදුණු නැෂනල් සුපර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ස්ථානයක් කලින්ම වෙන්කර ගැනීමට මහනුවර කණ්ඩායම සමත්වී තිබිණි. එ් අනුව මහනුවර සමගින් ගැටෙන ප‍්‍රතිවාදි කණ්ඩායම තේරීම සඳහා යාපනය, ගාල්ල සහ කොළඹ අතර තුන්කොන් සටනක් නිර්මාණය වී තිබිණි. එ් සඳහා ඊයේ දිනයේදී මහනුවර පල්ලකැලේ කී‍්‍රඩාංගණයේදී මහනුවර කණ්ඩායම සමගින් ගාල්ල කණ්ඩායමත් දඹුල්ල කී‍්‍රඩාංගණයේදී කොළඹ කණ්ඩායම සහ යාපනය කණ්ඩායමත් තරග වැදිණි.

 මහනුවර සහ ගාල්ල අතර තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලූ 6ක් දැවී ලකුණු 343ක දැවැන්ත ඉලක්කයක් ගාල්ල කණ්ඩායමට භාර කළේය. එ් අනුව ජයග‍්‍රාහි ඉලක්කය හඹා ගිය ගාල්ල කණ්ඩායම පන්දුවාර 47.1කදී මුලූ ලකුණු 277කට සියලූ දෙනා දැවී ගියේය.

 මහනුවර වෙනුවෙන් පළමු කඩුල්ලට ලකුණු 233ක විශිෂ්ට ලකුණු සම්බන්ධතාවක් එක් කිරීමට ළහිරු උදාර සහ නිරෝෂන් දික්වැල්ල සමත් විය. නිරෝෂන් දික්වැල්ල එහිදී පන්දු 104කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 17ක් සමගින් ලකුණු 135ක් මහනුවර ඉනිමට එක් කිරීමට සමත් වූ අතර ළහිරු උදාර පන්දු 116කදී හයේ පහර 1ක් සහ හතරේ පහර 10ක් සමගින් ලකුණු 106ක් වාර්තා කිරීමට සමත්විය.

 නායක කමිඳු මෙන්ඩිස් පන්දු 41කදී ලකුණු 58ක් වාර්තා කරද්දී ගාල්ල වෙනුවෙන් ලකුණු 38කට මහනුවර ඉනිමේ කඩුලූ 3ක් බිඳ දැමීමට චලන ද සිල්වා සමත් විය.

 ගාල්ල වෙනුවෙන් සටන්කාමි ඉනිමක් ප‍්‍රදර්ශනය කළ කවිෂ්ක අංජුල පන්දු 71කදී ලකුණු 90ක් රැුස් කළේය. හයේ පහර 3ක් එම ඉනිමට ඇතුළත් වෙද්දී හතරේ පහර 12ක් එල්ල කිරීමට ද ඔහු සමත් විය.

 ගාල්ල ඉනිමට පන්දුවෙන් තර්ජනය එල්ල කළ අශේන් ඩැනියෙල් ලකුණු 46කට ප‍්‍රතිවාදි කඩුලූ 4ක් සහ පුලින තරංග ලකුණු 35ට කඩුලූ 3ක් බිඳ දැමීය.

 මේ අතර කොළඹ සහ යාපනය අතර පැවැති තරගයේදී පළමුවෙන් පිති ප‍්‍රහාරය දියත් කළ කොළඹ කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලූ 8ක් දැවී ලකුණු 195ක් වාර්තා කිරීමට සමත් විය. එ් අනුව ජයග‍්‍රහණය හඹා ගිය යාපනය කණ්ඩායම පන්දුවාර 46.5කදී කඩුලූ 6ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යෑමට සමත් විය.

 යාපනය ඉනිම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන් ගිය නායක ධනංජය ද සිල්වා ලකුණු 79ක් රැුස් කළේය. පන්දු 93ක් තුළ නොදැවුණු එම ඉනිමට හතරේ පහර 8ක් ඇතුළත් විය.

 කොළඹ වෙනුවෙන් වැඩිම ලකුණු වාර්තා කළ රොෂේන් ද සිල්වා නොදැවී ලකුණු 64ක් පන්දු 77කදී වාර්තා කළ අතර ඊට හතරේ පහර 5ක් ඇතුළත් විය. ඊට අමතරව නුවනිදු ප‍්‍රනාන්දු ලකුණු 37කින් කොළඹ ඉනිම සැරසුවේය.

 ලකුණු සාරාංශය මහනුවර – ගාල්ල

 මහනුවර පන්දුවාර 50දී කඩුලූ 6ක් දැවී ලකුණු 343යි (නිරෝෂන් දික්වැල්ල 135, ළහිරු උදාර 106, කමිඳු මෙන්ඩිස් 58, චලන ද සිල්වා 38/3)

 ගාල්ල පන්දුවාර 47.1කදී සියලූ දෙනා දැවී ලකුණු 277යි (පබසර වඩුගේ 42, විශාද් රන්දික 47, කවිෂ්ක අංජුල 90, අශේන් ඩැනියෙල් 46/4, පුලින තරංග 35/3)

 කොළඹ – යාපනය

 කොළඹ පන්දුවාර 50දී කඩුලූ 8ක් දැවී ලකුණු 195යි (රොෂේන් සිල්වා (නොදැවී) 64, නිපුන් ධනංජය 24, නුවනිදු ප‍්‍රනාන්දු 37, නුවන් ප‍්‍රදීප් 22/2, ධනංජය ද සිල්වා 42/2)

 යාපනය පන්දුවාර 46.5කදී කඩුලූ 6ක් දැවී ලකුණු 198යි (සදීර සමරවික‍්‍රම 39, ධනංජය ද සිල්වා (නොදැවී) 79, සන්තුෂ් ගුණතිලක 30, තරිඳු රත්නායක 44/2)

advertistmentadvertistment
advertistmentadvertistment