යාපනය විශ්වවිද්‍යාලයේ  නම විකුණූ තරුණිය රිමාන්ඩ්

176

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යාවක් ලෙස ව්‍යාජ හැඳුනුම් පතක් සකසා ගෙන යාපනයේ කුළී කාමරයක තනිවම ජීවත් වූ තරුණියක් කෝපායි පොලිසිය විසින් 9 දා අත් අඩංගුවට ගෙන තිබේ.

ඇය නවාතැන් ගෙන සිටි ප‍්‍රදේශයේ වැසියන්ට ඇය පිළිබඳව ඇති වූ සැකයක් මත ඔවුන් කෝපායි පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය ඇයව හා ඇගේ කාමරය පරීක්ෂා කිරීමේදී එම ව්‍යාජ හැඳුනුම්පත හමු වී තිබේ.

හැඳුනුම් පත් පිළිබඳව පොලිසිය යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් විමසා බැලීමේදී එම හැඳුනුම්පත් ව්‍යාජ එකක් බවට තොරතුරු හෙළි වීමෙන් පසුව පොලිසිය ඇයව අත්අඩංගුවට ගෙන යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඇය මේ මස 23 වෙනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කොට තිබේ. ඇය ව්‍යාජ හැඳුනුම්පත උපයෝගී කරගෙන යම් අපරාධයක් සිදු කිරීම සඳහා යාපනයේ රැුඳී සිටියේද යන්න පිළිබඳව කෝපයී පොලිසිය පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment