යාපනය සරසවියේ ගැටුමකින් සිසුවෙකුට බරපතළයි – සිසුන් 31කට සරසවිය තහනම්

73

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් සිසුවෙකුට බරපතළ තුවාල සිදුව තිබේ. ඒ අනුව ඊට සම්බන්ධ වූ සිසුන් 31 දෙනකුට පන්ති තහනමක් පැනවීමට යාපනය විශ්වවිද්‍යාල බලධාරීන් කටයුතු කොට ඇති බව යාපනය විශ්වවිද්‍යාල බලධාරියෙකු පවසයි.

මෙම ගැටුමට සම්බන්ධ බවට හඳුනා ගැනුණු දෙවන වසර සිසුන් 16 කට තෙවන වසර සිසුන් 15 කට අධ්‍යන කටයුතු වල නිරත වීම නේවාසිකාගාර වල රැඳී සිටීම හා විශ්ව විද්‍යාලයේ කිසිදු ස්ථානයකට ඇතුළුවීම මෙහිදී තහනම් කොට තිබේ.

මෙම ගැටුම ඉකුත් 31 දා සිට පැවත ඇති අතර ඉකුත් 03 හා 04 දා දින දෙකෙහිද අවස්ථා කීපයකදී මෙම ගැටුම දුර දිග ගොස් තිබේ. එහිදී 04 දා සිසුන් පිරිස අතර දරුණු ගුටි බැට හුවමාරුවක් සිදුව ඇති අතර එහිදී තෙවන වසර සිසුවෙකුගේ හිසට එල්ලවූ ප්‍රහාරයකින් ඔහු බරපතළ තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කොට තිබේ.

ඒ අනුව මේ පිළිබඳ විශ්වවිද්‍යාල පාලන අධිකාරිය විසින් පරීක්ෂණයක් ආරම්භ කොට පරීක්ෂණ අවසන් වනතුරු සිසුන් 31 දෙනකුට විශ්වවිද්‍යාල භූමිය තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ, මුලතිව් ප්‍රසන්න ප්‍රදීප්
 

advertistmentadvertistment
advertistmentadvertistment