යාපනය සහ මහනුවර ගාල්ලේදී අද ගැටෙයි – මිලියන 5ක නැෂනල් සුපර් ලීග් සිව්දින ශූරතාව සොයා

206

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සංවිධානය කළ නැෂනල් සුපර් ලීග් සිව්දින කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (07 වැනිදා) ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ. එ් අනුව තරගාවලියේ ශුරතාව වෙනුවෙන් ධනංජය ද සිල්වාගේ යාපනය කණ්ඩායම සහ කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායම අද උදෑසන 10.00ට තරග බිමට පිවිසීමට නියමිතව තිබේ.

තරගාවලියේ අවසන් පූර්ව වටයේදී කොළඹ කණ්ඩායමට එරෙහිව කඩුලූ 9ක ජයක් වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට යාපනය කණ්ඩායම සමත්වූ අතර මහනුවර කණ්ඩායම ගාල්ල කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේදී ජය වාර්තා කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

යාපනය සහ මහනුවර කණ්ඩායම මෙම තරගාවලියේදී මූලික වටයේදී මුණ ගැසුණු අතර එම තරගය විසඳුමකින් තොරව අවසන් වීද තරගයේ වැඩි ගෞරව හිමිකර ගැනීමට මහනුවර කණ්ඩායම සමත්විය. එහිදී පළමු ඉනිමේදී කඩුලූ 9කට ලකුණු 501ක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත්වූ අතර දෙවැනි ඉනිමේදී කඩුලූ 5ක් දැවී ලකුණු 322ක් වාර්තා කළේය. යාපනය කණ්ඩායම පළමු ඉනිමට සියලූ දෙනා දැවී ලකුණු 318ක් රැුස් කළේය.

තරගාවලියේ තරග 5 බැගින් කණ්ඩායම් දෙකම කී‍්‍රඩා කළ අතර එහිදී තරග සමවීම් 3ක් සමගින් එක් තරග පරාජයක් සහ එක් ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට යාපනය සමත්වී සිටී. මහනුවර සහභාගි වූ තරග 5න් එක් තරගයක් පරාජයට පත්වී ඇති අතර තරග 4ක් ජය පරාජයකින් තොරව අවසන් කරගෙන තිබේ.

මහනුවර වෙනුවෙන් වැඩි බලාපොරොත්තු තබා ගතහැකි පිතිකරුවන් ලෙස නායක කමිඳු මෙන්ඩිස් සහ ඕෂධ ප‍්‍රනාන්දු නම් කළ හැකි අතර යාපනය වෙනුවෙන් ෂමින්ද ප‍්‍රනාන්දු සහ ධනංජය ද සිල්වා පිළිබඳ වැඩි බලාපොරොත්තුවක් තබා ගත හැකිය.

මෙරට පවත්වනු ලබන දේශීය ක‍්‍රිකට් තරගාවලි අතර ප‍්‍රධානතම දේශීය ක‍්‍රිකට් තරගාවලිය ලෙසින් සැලකෙන නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලියේ ශූරතාව දිනාගනු ලබන කණ්ඩායම සඳහා ශූරතා කුසලාන සමඟ රුපියල් ලක්ෂ 50 ක (රු. 5,000,000/=* මුදලක් පිරිනැමීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. අනුශූරතාවට පත් කණ්ඩායමට රුපියල් ලක්ෂ 25 ක් (රු. 2,500,000/=) පිදෙන මෙම තරගාවලියේ තරගාවලියේ වීරයා සම්මානය සඳහා රුපියල් ලක්ෂ 5 ක් (රු. 500,000/=*, හොඳම පිතිකරුට රුපියල් දෙලක්ෂ පනස්දහසක් (රු. 250,000/=* සහ හොඳම පන්දු යවන්නාට රුපියල් දෙලක්ෂ පනස්දහසක (රු. 250,000/=) මුදලක් පිරිනැමීමට තරග සංවිධායකයෝ පියවර ගෙන තිබේ.

මහනුවර සංචිතය – කමිඳු මෙන්ඩිස් (නායක*, ලසිත් කෲස්පුල්ලේ, කමිල් මිෂාර, ඕෂධ ප‍්‍රනාන්දු, ළහිරු උදාර, සහන් ආරච්චිගේ, කසුන් විදුර, අශේන් ඩැනියෙල්, අවිඳු තීක්ෂණ, නිපුන් රසික, අසිත ප‍්‍රනාන්දු.

යාපනය සංචිතය – ධනංජය ද සිල්වා, නවෝද් පරණවිතාණ, ෂමින්ද්‍ර ප‍්‍රනාන්දු, නිශාන් මදුසංක, ජනිත් ලියනගේ, සන්තුෂ් ගුණතිලක, දුනිත් වෙල්ලාලගේ, ගීත් කුමාර, නිපුන් මාලිංග, කල්හාර සෙනරත්, කසුන් මදුසංක.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment