යාපනය සිට මඩකලපුවට ගිය විරෝධතාකරුවන්ගේ බස් රථයකට අම්පාරේදී ප්‍රහාරයක්

81

උතුරේ සිට නැගෙනහිරට ගමන් කරමින් සිටි විරෝධතාකරුවන්ගේ බස් රථයකට අම්පාර ප්‍රදේශයේදී ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම ගල් ප්‍රහාරය නිසා එම බස් රථයේ ගමන් කළ යාපනය විශ්ව විද්‍යාල සිසුවකු සුළු තුවාල ලබා ඇති අතර බස් රථයේ වීදුරු වලට දැඩි අලාභ සිදුව තිබේ.

මේ සම්බන්ධයෙන් අම්පාර පොලිසියට පැමිණිලි කොට ඇති අතර අදාල බස් රථය යාපනය විශ්ව විද්‍යාලය අසල සිට මඩකලපුව දක්වා විරෝධතාකරුවන් රැගෙන ගිය බස් රථයකි. රට තුළ නිදහසක් නොමැති බව කියමින් මේ විරෝධතාකරුවෝ විරෝධතා ගමනක් සංවිධානය කොට තිබුණේ යාපනය විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ මැදිහත් වීමෙනි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment