යාපනය සුඛෝපභෝගී දුම්රිය වැගන් ආර් රියේ ගැටී දෙදෙනෙක් එතැනමයි

166

විදුලිය විසන්ධි වී මාර්ග සංඥා ක්‍රියා විරහිත වෙලා

කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී සුඛෝපභෝගී දුම්රියකට යාපනය අරියාලෙයි අඹගහ හන්දිය ප්‍රදේශයේදී වැගර් ආර් රථයක ගැටීම නිසා පුද්ගලයන් දෙදෙනකු සිද්ධිය වූ ස්ථානයේදීම පෙරේදා (09 දා) රාත්‍රී මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ දකුණු පළාතේ සිට යාපනයට පැමිණ සිටි පිරිසකගෙන් දෙදෙනෙකි. දුම්රියේ ගැටුණු රථය මීටර් පනහක් පමණ ඇදී ගොස් නතර වී තිබූ අතර ප්‍රදේශවාසීන් පැමිණ මහත් ආයාසයක් දරා වෑන් රථය තුළ සිරවී සිටි දෙදෙනා එළියට ගෙන ඇතත්” ඒ වන විට ඔවුන් දෙදෙනාම මියගොස් සිටි බව වාර්තා වේ. මෙම අනතුර සිදුවූ අවස්ථාවේදී යාපනයේ විදුලිය විසන්ධි වී තිබීම නිසා දුම්රිය හරස් මාර්ගයේ පිහිටි ආරක්ෂිත ගේට්ටුවේ විදුලි සංඥා ක්‍රියාත්මක වී නොතිබූ බව ප්‍රදේශවාසීන් කියා සිටියහ. යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment