යාපනේ – ඉන්දියා බෝට්ටු සේවය මැයි 15 දා තෙක් කල් යයි

158

අප්‍රේල් මස 29 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ යාපනය කන්කසන්තුරේ හා ඉන්දියාවේ කරෙයිකාල් අතර මගී බෝට්ටු සේවය ඉන්දියාවේ ඉල්ලීමක් මත මැයි මස 15 වැනිදා දක්වා කල් දමා තිබේ.

මෙම බෝට්ටු සේවාව පවත්වා ගෙන යෑමට ආගමන විගමන නිලධාරීන් හා රේගු නිලධාරීන් සේවයේ යෙදවීමට අවශ්‍ය ගොඩනැගිලි හා සෙසු උපකරණ පහසුකම් සපයා ගැනීමට තවත් කාලයක් අවශ්‍ය බැවින් බෝට්ටු ගමන මැයි මස 15 වැනිදා දක්වා කල් දැමීමට සිදුවන බව ඉන්දියාව විසින් නිවේදනය කර ඇත.

මෙම බෝට්ටු සේවාව පෞද්ගලික සමාගමක් විසින් පවත්වා ගෙන යන අතර එක් ගමන් වාරයක් සඳහා සියලු බදු නිදහස් කොට ඇමරිකානු ඩොලර් පනහක මුදලක් අය කරේ. එක් මගියකුට කිලෝ ග්‍රෑම් 100ක බරක් රැගෙන යා හැකිය.

එක් බෝට්ටු ගමනකදී මගීන් 120 ත් 150 ත් අතර පිරිසක් රැගෙන යා හැකි අතර සතියේ ඉරිදා හැර අනෙක් දින හයේම බෝට්ටු ගමන ක්‍රියාත්මක වෙයි.

මෙම එක් ගමන් වාරයක් සඳහා පැය හතරක කාලයක් ගත වන බව ද මේ වන විට නිවේදනය කර තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment