යාලේ දුර්ලභ කළු කොටියෙක්!

999

යාල ජාතික වනෝද්‍යානයේ දුර්ලභ කළු කොටියකු වාර්තා වී තිබේ.

මෙම කළු කොටියා සෆාරි ජීප් රථ රියැදුරකු විසින් දැක ඇති අතර ඔහු විසින් ලබාගත් කෙටි වීඩියෝවක් මුහුණු පොතට මුදාහැර ඇත. මේ පිළිබඳව ‘දිවයින’ කළ විමසීමේදී අදාළ ජීප් රථ රියැදුරු ප්‍රකාශ කළේ යාල වනෝද්‍යානය අවට කළු කොටින් සිටින බවට අවස්ථා දෙකකදී වාර්තා වී තිබූ නමුත් යාල කලාප අංක 01 දී මෙසේ තමා කළු කොටියකු නිරීක්‍ෂණය කළ බවයි.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment