යාල කැලේ අක්කර 40ක් වනසති

229

ප‍්‍රදේශයේ හේන් ගොවිතැනෙහි නිරත ගොවියන්ට පවා කැලයට ඇතුළු වීමට ඉඩ නොදී වන සංරක්ෂණ නිලධාරීන් විසින් දැඩි නීති රීති පනවා ඇති පසුබිමක් තුළ ව්‍යාපාරිකයෙකු විසින් යාල ජාතික වනෝද්‍යානයට ආසන්න වන සංරක්ෂණ පේ‍්‍රරක කලාපය තුළ කිසිදු බාධාවකින් තොරව වනාන්තරය එළි පෙහෙළි කර කබානා හෝටලයක් ඉදිකරමින් ඇති බවට ප‍්‍රදේශයේ ජනතාව චෝදනා කරති.

යාල කැලේ අක්කර 40ක් වනසති

ප‍්‍රදේශයේ ජනතාව පවසන්නේ් ඉදිකරන මෙම කබානා හෝටලය ආසන්නයේ විශාල වැව් බැම්මක්ද ඉදිකර වැසි ජලය රඳවා ගැනීමට හැකි වැවක්ද සකසා තිබේ. ප‍්‍රදේශයේ ජනතාව පවසන්නේ වන සංරක්ෂණ නිලධාරීන් විවිධ ව්‍යාපාරිකයන්ගේ සන්තෝසම් ලබාගෙන මෙලෙස කැලය හෙළි කිරීමට අවස්ථාව ලබා දී ඇති බවත් නැති බැරි අසරණ මිනිහෙකු කැලයට ගිය පසු ඔවුන්ව අල්ලා අධිකරණයට ඉදිරිපත් කරන බවත්ය. මෙම ව්‍යාපාරිකයා විසින් අදාළ කබානා හෝටලය ඉදිකිරීම සඳහා වනාන්තරය හෙළිපෙහෙළි කර එහි තිබූ රූස්ස ගස් රැුසක්ද කපා දමා තිබේ. වන අලින්ගේ ආහාරයක් වන කඩකොල්ලන් නමැති ශාක ගස් මුලින්ම උදුරා දමා ඇති අතර එහි දැව යොදා ගනිමින් කබානා ඉදිකර ඇති අයුරුද දැකිය හැකිය.

ප‍්‍රදේශවාසියෙකු මේ සම්බන්ධයෙන් පැවසුවේ මෙවන් අදහසකි.

අපිට කෝටු කෑල්ලක් කපා ගන්න මේ කැලේට යන්න බෑ. අපිව අල්ලලා උසාවි දමනවා. එහෙම තියෙද්දී මේ අක්කර 30ක් 40ක් සුද්ධ කරනකම් වන සංරක්ෂණ නිලධාරීන් කොහෙද හිටියේ කියලා දන්නේ නෑ. මේ හෝටලය ඉදිකරන ව්‍යාපාරිකයා මේ ආසන්නයේ තියෙන සියඹලාගස්වැවට වතුර එන ඇළ හරස් කරලා තමයි වැවක් ඉදි කරලා තියෙන්නේ. මේ නිසා

සියඹලාගස්වැවෙන් කුඹුරු කරන ගොවින් විශාල ප‍්‍රමාණයකගේ කුඹුරු අතහැර දැමීමට සිදුව තිබෙනවා. අපි මේ ගැන කිරින්ද පොලිසියට, වන සංරක්ෂණ නිලධාරීන්ට අවස්ථා ගණනකදීම පැමිණිලි කළා. නමුත් වැඩක් වුණේ නෑ. මේ නිලධාරීන් ඔක්කොම හෝටලේ හදන ව්‍යාපාරිකයාගේ සල්ලිවලට යට වෙලා ඉන්නේ. බලධාරීන්ගෙන් අපි ඉල්ලනවා වහාම මේ අවනඩුව විසඳලා දෙන්න කියලා යැයි පැවසීය.

මත්තල – දිලීප් එන්. ජයසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment