යාල යකා නටන්නට ඉඩ දුන් අයගේ වැඩ තහනම්

367

යාල වනෝද්‍යානයේ දී සංචාරක පිරිසකට සිය වාහන අනිසි ලෙස භාවිතා කරමින් හැසිරීමට ඉඩ දීම සම්බන්ධව සහ සංවේදී පරිසර කළාපයක මේ අයුරින් වනසතුන්ට හිංසාවන අයුරින් වාහන ධාවනය කරද්දී ඒ සම්බන්ධව ක්‍රියා මාර්ග නොගත් මඟ පෙන්වන්නන් ( Trackers) හා අනිකුත් නිලධාරින් සම්බන්ධව ද විමර්ශනයක් ආරම්භ කර වාර්තාවක් ලබාදෙන ලෙස ද එතෙක් ඔවුන්ගේ වැඩ තහනම් කරන ලෙසද කෘෂිකර්ම හා වන ජීවී සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇත. වනජීවි හා වෘක්ෂලතා ආඥා පනත යටතේ මෙම පිරිස සිදු කර තිබෙන්නේ බලවත් විෂමාචාරයක් බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment