යාළුවන්ගේ ගුවන්යානාවලින් රවුම් ගහපු අය පරිස්සම් වෙන්න – සරත් ෆොන්සේකා

1575

මීළඟ මැතිවරණයේදී කටින් වැඩ කරන අය තෝරන්න එපා
පාර්ලිමේන්තුවේදී හොඳට කතා කළ පළියට රටක් පාලනය කරන්න බෑ

අද වැඩි වශයෙන්ම ජනතා මුදල් අවභාවිතා කරමින්, රාජ්‍ය සම්පත් විකුණමින් කොමිස් ගහන දහජරා වැඩ අනන්තවත් කරනවා. මේ රට තනිකරම කණපිට ගහල තිබෙන්නේ කූරියා ගහල යැයි කිව්වත් වැරදි නැතැයි, සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

බළපිටිය වැල්ලබඩ දී පැවැති ජනහමුවක් අමතමින් ඒ මහතා මේ බව කීය.

බළපිටිය සමගි ජන බලවේගයේ ප‍්‍රධාන සංවිධායක නීතිඥ කමල් ජයන්ත ද සොයිසා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේ දී තවදුරටත් කතා කළ ෆොන්සේකා මහතා මෙසේ ද කීය.

අපේ පක්ෂය කෙටි කලකින් හදලා මන්ත‍්‍රීවරු පිරිසක් ද පත් කරගෙන විපක්ෂ නායක පදවිය දරන්නත් හැකි වුණා. විපක්ෂයේ ඉන්න විට කරන්න පුළුවන් දේවලූත් තිබෙනවා. බැරි දේවලූත් තියෙනවා. රජය වැරදි කරනව නම් පෙන්වන්න පුළුවන්. මේ රට විනාශ කරන්න පටන් ගත්තේ 1994න් පස්සෙයි. ඒ වන විට හිතුමතේට වැඩ කරන්න සල්ලි තිබුණා. දේශපාලනඥයෝ සියයට අනූ පහක් විතර ගාණ කඩා ගන්නයි බැලූවේ. මන්ත‍්‍රීවරු පෙනි පෙනීම හොරකම් කළත් ජනතාව ගණන් ගත්තේ නැහැ. ඒ ජනතාවට නොතේරුණු නිසායි. දැන් ඒ තත්ත්වය දිනපතාම උග‍්‍රවෙනවා. රටේ සම්පත් පිටරටට විකුණනවා.

අලූත් දේශපාලන සංස්කෘතියක් රටට අවශ්‍යයි. මේ රටට වෙනසක් කරන්න පුළුවන් අලූතෙන් ආපු මේ පක්ෂයට විතරයි. සජිත් පේ‍්‍රමදාස නායකතුමා කවදාවත් හොරකම් කරලා නැහැ. මම කවදාවත් ශත පහක් හොරකම් කරලා නැහැ. ඡන්දෙ ගන්න එක පුද්ගලයකුටවත් අරක්කු වීදුරුවක්වත් දුන්නේ නැහැ. ගම්පහ දිස්ත‍්‍රික්කයේ වැඩිම මනාප ගත්තේ අල්ලස් දීලා නොවෙයි. බත් පැකට් එකක්වත් දුන්නේ නැහැ. මිතුරන්ගේ ගුවන් යානාවලින් රවුම් ගහන අය ප‍්‍රවේශම් විය යුතුයි. ජනතා මුදල් කොල්ලකාපු උදවියට අනිවාර්යයෙන්ම නීතිය ක‍්‍රියාත්මක කරනවා. මන්ත‍්‍රීවරු දෙසිය විසි පස් දෙනාටම හෙණ ගහපන් කියලා මිනිස්සු කියනවා. මම දේශපාලනයට ආවට පස්සේ අරක්කු වීදුරුවක්වත් බීලා නැහැ. රටේ අද ඇති දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුයි.

තරුණ දරුවෝ ඡුන්දෙ දමන්න පෝලිමේ ගියා රට බේරගන්න වීරයෙක් ආවා කියලා. දැන් චිත‍්‍ර අඳින්නෙත් නැහැ. චිත‍්‍ර ඇන්ද දරුවෝ පිටරට යන්න පෝලිමේ ඉන්නවා. නැවතත් රැුවටෙන්න එපා. ලබන වර මැතිවරණයේ දී වැරදි තීරණ ගන්න එපා. ඡුන්දෙ දෙන්න මිනිහෙක් තෝරන විට කටින් වැඩ කරන නොව වැඩ කරල ඔප්පු කරපු කෙනෙක් තෝර ගන්න. පාර්ලිමේන්තුවේ හොඳ කතාවක් කළ පළියට රටේ බලය ලැබුණම කරන්න බැරි අය ඉන්නවා. මමත් පක්ෂයක් හැදුවා. මට තේරුණා පොඩි පක්ෂවලට රටක් පාලනය කිරීම විශාල භාරදූර කාර්යයක් කියලා. නැවත බලය දෙනවිට අත්හදා බැලීම් කරන්න එපා. අලූත්ම පිපිරීම තමයි එයාර් කන්ඩිෂන් මැෂින් පිපිරීම. ඉදිරියේ දී පාරේ යන වාහන පවා පුපුරාවි. ප‍්‍රමිතියක් නැති බාල බඩු ආ නිසයි මෙහෙම වෙන්නේ.

ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක, සමගි ජන බලවේගය පක්ෂයේ බළපිටිය ප‍්‍රධාන සංවිධායක නීතිඥ කමල් ජයන්ත ද සොයිසා, බළපිටිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ඇම්. ඩබ්ලිව්. සෙනරත් යන මහත්වරු ද මෙහිදී කතා කළහ.

බළපිටිය – අනුර යසමිත්

advertistmentadvertistment
advertistmentadvertistment