යුක්තිය ඉටුකරනතුරා කැබිනට්ටුව වර්ජනය කරනවා – වාසු

220

හරි මගට රට ගෙන යෑම පිළිබඳව වැඩපිළිවෙළක් සහිතව අප කැඳවූ සාර්ථක මහා
රැස්වීම විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් අමාත්‍ය ධුරවලින් ඉවත්
කිරීමට හේතුවක් නම් අගමුල පටලැවී තිබෙන බවකුයි පේන්නේ. රාජ්‍ය නායකත්වය
ඔවුන් දෙපළ අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමෙන් සිදු කළේ වරදක් කියන එක මුළු රටම
එක හඬින් කියනවා. ඒ පිළිබඳව යුක්තියක් මේ රජය විසින් ඉටුකරන තුරු මට, මගේ
අමාත්‍ය ධුරයේ කටයුතු කළ නොහැකියි. ඇමැතිවරයෙක් ලෙස අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලට
සහභාගි වීම හෝ ඇමැතිවරයෙක් ලෙස මට මගේ වගකීම් ඉටුකිරීමට
බැහැ.

අපි තුන්දෙනාත් පක්‍ෂ එකොළහක නියෝජිතයනුත් එකතුවෙලා රටේ අර්බුදයට
විසඳුමක් ලෙස යෝජනාවලියක් ඉදිරිපත් කළා. යම් අනතුරක් පෙන්වන රතුපාට විදුලි
බුබුළක් දැල්වෙන විට, එහි විදුලිය විසන්ධි කරලා හරියනවද? දැන් කරලා තිබෙන්නේ
ඒක තමයි. එම නිසා රටේ නිවැරැුදි තත්ත්වය අවබෝධ කර දෙමින් ජනතාව පෙළගැස්වීමට
අපට වගකීමක් තිබෙනවා. එම වගකීම අපි ඉටුකළ යුතුයි.
අපි විපක්‍ෂයට එකතුවෙන්නේ නැහැ.

ඔබ දන්නවා විපක්‍ෂය කියන්නේ කවුද කියලා.

විමල් සහ උදය කියන්නේ විශාල ජනවරමක් ලබපු අය. මේ රජය එම ජනවරම පිළිබඳ
සැලකීමක් කරලත් නැහැ.

advertistmentadvertistment
advertistmentadvertistment