යුක්තිය මෙහෙයුමේ මාස හයක ප්‍රගතිය

152

ශ්‍රී ලංකා පොලිසිය ආරම්භ කළ යුක්තිය මෙහෙයුමේ මාස හයක කාලයක් තුළ ජාවාරම් කරුවන් 5,449ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.ඒ මහතා මේ බව සඳහන් කළේ අද සවස කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදීය. දැනට පොලිස් කොට්ඨාශය වෙත වාර්තා වී ඇති මුළු ජාවාරම් කරුවන් ගණන 5,979ක් බවත් අත්අඩංගුවට ගැනීමට සිටින පිරිස 530කි බවත් කීවේය.වැඩිම ජාවාරම් කරුවන් සිටින්නේ බස්නාහිර පළාතේ බවත් එම පිරිස 2251ක් බවත් පැවසූ පොලිස්පතිවරයා ඉන් ජාවාරම් කරුවන් 2026ක් අත්අඩංගුවට ගෙන ඇති බව කීවේය.අත්අඩංගුවට ගැනීමට සිටින ගණන 225කි. එසේම යුක්තිය මෙහෙයුම මගින් මෙම මස 04 වැනිදා සිට ජනතාවට දැනෙන ආකාරයේ මෙහෙයුමක් සිදු කරන බව ද පොලිස්පතිවරයා සදහන් කළේය.මින් ඉදිරියට ගිණි අවි භාවිතා කළ හැක්කේ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට පමණක් බවද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment