යුක්රේනයේ ඇන්ටනෝව් ගුවන් යානා කම්හල රුසියානු ප‍්‍රහාරයෙන් ගිනි ගනී

1404

පුටින් මානසික රෝගියකු යැයි පැවසූ රුසියානු නිරූපිකාව ඝාතනය වෙයි

රුසියාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 12 ක් මිය යති

ලොව විශාලත ම ගුවන් යානා නිෂ්පාදන ආයතනයක් වූ යුක්රේනයේ ඇන්ටනෝව් කම්හලට රුසියාව ප‍්‍රහාර එල්ල කිරීමෙන් එම කම්හල ගිනි ගෙන දැවෙමින් තිබෙන බව හෙළි වී ඇත. එම ප‍්‍රහාරයේ දී දෙදෙනකු මරුමුවට පත් වී තිබේ. මෙම කම්හලේ තිබූ අලූත් වැඩියාවට ගෙන ආ යානා රැුසක් ම විනාශ වී ඇත.

ඇන්ටනෝව් කම්හලට බරපතළ හානිසිදුවී ඇති බව ඊශ‍්‍රායල් මාධ්‍ය හෙළිකර ඇත.

මේ අතර රුසියාව විසින් දින 20ක් තිස්සේ සිදුකර ඇති යුක්රේන ආක‍්‍රමණයෙන් රුසියාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 12ක් මරුමුවට පත් වී තිබේ. ඔවුන් අතර රුසියානු පැරෂුට් බළකායට සම්බන්ධ බුද්ධි නිලධාරීන් දෙදෙනකු ද වේ.

යුක්රේනයේ ඇන්ටනෝව් ගුවන් යානා කම්හල රුසියානු  ප‍්‍රහාරයෙන් ගිනි ගනී
ඇන්ටනෝව් කම්හල

රුසියාවෙන් පිටත සිටින රුසියානු මාධ්‍යවේදීන් හෙළිකර ඇත්තේ මේජර් ජෙනරාල් ඇන්ඩ්රි කොලොස්, නිනෝව් කර්නල්, ඇන්ඩ්රි සකරෝව්, කර්නල් දිමිත‍්‍ර, ෆප්රනෝව්, කර්නල් ඩෙනිස්, ග්ලිබෝව්, කර්නල් කොන්ස්ටන්ටයින් සිපෙන්ස්කා, ව්ලැඩමීර් ෂොන්ගා, ජෝර්ජ් ඩෘඩ්‍රෝව්, ඇලෙක්සි ඇලෙක්ස්සෙන්කෝ යන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් මියගොස් ඇති බවයි.

මේ පසුබිම මැද ඇන්ටනෝව් කම්හලට රුසියානු ප‍්‍රහාර එල්ල වීම ගැන රුසියාව කිසිදු තොරතුරක් හෙළි කර නැත. මෙම කම්හල මගින් ඒ එන් 24.32 42 ඇතුළු ගුවන් යානා වර්ග රැසක් නිපදවා තිබේ. මෙම ඇන්ටනෝව් කම්හලට ප‍්‍රහාර එල්ල වීමෙන් ලොව රටවල් රැසක ඇති ඇන්ටනෝව් යානා නඩත්තු කිරීම අර්බුදකාරී තත්ත්වයක් පත් වී ඇත.

යුක්රේනයේ ඇන්ටනෝව් ගුවන් යානා කම්හල රුසියානු  ප‍්‍රහාරයෙන් ගිනි ගනී
යුද්ධයේදී මියගිය රුසියානු හමුදා නිලධාරීන්

මේ අතර රුසියානු ජනපති මානසික රෝගියකු යැයි පැවසූ රුසියානු නිරූපිකාවක වූ ග්‍රෙට්ටා වෙඩ්ලර් ඝාතනය වී ඇත. ඇය වසරක් තිස්සේ අතුරුදන්ව සිටි බව හෙළි විය. ඇගේ පෙම්වතා යැයි පවසන දිමිත‍්‍ර කොරෝබින් පොලිසියේ භාර වී පාපෝච්චාරණය කර ඇත. වෙඩ්ලර්ගේ සිරුර සූට්කේෂයක සඟවා තිබියදී හමු වී තිබේ. මළ සිරුර මෝටර් රියක සඟවා තිබූ බව පොලිසිය හෙළි කර ඇත.

යුක්රේන යුද්ධයට එරෙහි රුසියානු රූපවාහිනි නාලිකාවක කතුවරියක් වූ මරිනා ඔව්ඩිනිනෝවා සජීවී රූපවාහිනි විකාශනයක් වෙත කඩාවැදී යුද්ධයට විරෝධය දැක්වීමේ සිද්ධියක් ද වාර්තා වේ. මොස්කව් පොලිසිය ඇයව අත්අඩංගුවට ගෙන තිබේ. යුද්ධය නතර කරනු මොස්කව් ප‍්‍රචාර විශ්වාස නොකරනු ඔවුන් බොරු කියනවා යැයි දැක්වෙන පුවරුවක් ඇය එම සජීවී රූපවාහිනී විකාශනයේ දී පෙන්නුම් කර ඇත.

යුක්රේනයේ ඇන්ටනෝව් ගුවන් යානා කම්හල රුසියානු  ප‍්‍රහාරයෙන් ගිනි ගනී
රුසියානු ජනපති මානසික රෝගියකු යැයි පැවසූ රුසියානු නිරූපිකාවක වූ ග්‍රෙට්ටා වෙඩ්ලර්

මේ අතර පසුගිය දින 14 තිස්සේ පූර්ණ බලය යොදා රුසියාව විසින් යුක්රේනයට ප‍්‍රහාර එල්ල කළත් එම ප‍්‍රහාර සාර්ථක වී නැත.

යුක්රේන ජනපති සෙලෙන්ස්කි පැවසූවේ රුසියාවට ප‍්‍රහාරක යානා 80 ක් ද යුද ටැංකි සිය ගණනක් සහ අනිකුත් සන්නද්ධ රථ දහස් ගණනක් ද අහිමි වූ බවයි. එහෙත් රුසියානු හමුදාව සඳහන් කළේ සැලසුම ප‍්‍රකාර හමුදා මෙහෙයුම ක‍්‍රියාත්මක වන බවයි.

රුසියාව සහ යුක්රේන අතර ගැටුමට මේ වනවිට දින 20 ක් ගත වී තිබේ. මේ පිළිබඳව රුසියානු දූත කණ්ඩායමට සාමාජික ලියොනිද් එල්ට්ජන් පැවසූවේ සාම ගිවිසුමක් සඳහා එළඹීමට නියමිත බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයද හෙළි කළේ යුක්රේන සිවිල් වැසියන් 596ක් මියගොස් 1067 ක් තුවාල ලබා ඇති බවයි. ගැබිනි කාන්තාවක් සහ ළඳරුවකු සිටි රෝහලකට ද රුසියානු ප‍්‍රහාර එල්ල වී ඒම දෙදෙනා මරුමුවට පත් වී තිබේ.

යුක්රේනයේ ඇන්ටනෝව් ගුවන් යානා කම්හල රුසියානු  ප‍්‍රහාරයෙන් ගිනි ගනී
යුක්රේන යුද්ධයට එරෙහි රුසියානු රූපවාහිනි නාලිකාවක කතුවරියක් වූ මරිනා ඔව්ඩිනිනෝවා

මේ අතර ඇමෙරිකාව විසින් ගුවන් යානා නාශක ස්ටින්ජර් මිසයිල 2000ක් යුක්රේනයට සපයා තිබේ. රුසියානු හෙලිකොප්ටර් සහ ප‍්‍රහාරක යානා රැසක් විනාශ වී ඇත්තේ එම ස්ටින්ජර් මිසයිල ප‍්‍රහාරවලිනි.

මේ පසුබිම මැද නේටෝ සංවිධානයට අයත් රටවල් 25ක 30,000ක බළකායක් රුසියානු දේශසීමාවට සැතපුම් 100 ක් ඈත ප‍්‍රදේශයක යුද අභ්‍යාසයක් ආරම්භ කර ඇත. මෙය නේටෝ සංවිධානයේ මුල්ම යුද අභ්‍යාසයයි. රුසියාවේ ස්පුට්නික් ප‍්‍රවෘත්ති සේවාව ද හෙළි කළේ ඇමෙරිකානු භටයන් 2000ක පිරිසක් යුක්රේනය තුළ සිටින බවයි. එහෙත් එම ඇමෙරිකානු භටයන් රුසියානු හමුදාවට එරෙහිව සටන්වදින බව අනාවරණය වී නැත.

මේ අතර සිව්වැනි රුසියානු යුක්රේන සාම සාකච්ඡාව ද බිඳ වැටී ඇත. රට මුල් වූ හේතූන් මෙතෙක් හෙළි වී නැත. බටහිර මාධ්‍ය ආයතන ද සඳහන් කළේ රුසියානු ජනපති ව්ලැඩමීර් පුටින් සාම ගිවිසුමකට එකඟවීම සඳහා නැඹුරු කර ගැනීම දුෂ්කර බවයි. ලෝක නායකයන් රැසක් යුක්රේන ආක‍්‍රමණය අත්හිටුවන ලෙස පුටින්ගෙන් කළ ඉල්ලීමට ඔහු එකඟ වි නැත. මේ පසුබිම මැද රුසියානු ප‍්‍රහාරක යානා මගින්ද කෲස් මිසයිල එල්ල කරන බව අනාවරණය වී තිබේ.

එවන් තත්ත්වයක් මත රුමේනියාව හංගේරියාව හරහා ක්‍රෝෂියාවේ අහස් කලාපයට පැමිණි පුපුරන ද්‍රව්‍ය රැගත් ඩ්‍රෝන් යානාව ඒවා ඇත්තේ රුසියාව ද එසේත් නැත්නම් යුක්රේනය ද යැයි හෙළි වී නැත.

සංස්කරණය
කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment