යුක්රේනය ගැන ඉන්දියාවේ ස්ථාවරය

650


ඉන්දියාව යුක්රේනයට හදිසි මානුෂීය සහනාධාර ලබාදීමට තීරණය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය තානාපති ටී.එස් තිරුමූර්ති මහතා පවසා ඇත.ඒ අනුව හදිසි සහනාධාර සහ වෛද්‍යාධාර යුක්රේනය වෙත ලබාදීමට පියවරගෙන ඇත.යුක්රේනය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවැති රැුස්වීමකදී තිරමූර්ති මහතා පවසා ඇත්තේ මේ මොහොතේ යුක්රේනයට මානුෂීය ආධාර කඩිනමින් ලබාදිය යුතු බවය.ඉන්දීය අගමැති නරේන්ද‍්‍ර මොදි මහතාද දැඩිව පවසන්නේ මෙම ගැටුම් නිරාකරනය කරගැනීම සඳහා රුසියානු ජනාධිපතිවරයා සහ යුක්රේන ජනාධිපතිවරයා අතර සාකච්චා පැවැත්විය යුතු බවද තිරමූර්ති මහතා මෙහිදී පවසා ඇත.මේ සම්බන්ධව ඇති එකම විසදුම රාජ්‍යතාන්ත‍්‍රිික මට්ටමින් සාකච්චාකිරීම බවද ඒ මහතා සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment