යුක්‍රේන තරුණියට මෙරටදී කරදරයක්

803

දික්වැල්ල පෙහෙඹිය වෙරළ පාරේ , විදුලිය විසංධි කරන ලද අවස්ථාවක රාත‍්‍රී 09 ට පමණ නවාතැන වෙත සිය පෙම්වතා සමග ගමන්කරමින් සිටි යුක්‍රේන ජාතික තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත සැකපිට තරුණයකු ත්අඩංගුවට ගැනීමට දික්වැල්ල පොලිසිය කටයුතු කර ඇත.

මෙහිදි විදේශ යුවල කෑ ගසමින් ආධාර ඉල්ලා සිටි අවස්ථාවේ අසළ ත‍්‍රී
රෝද රථ ගාලක සිටි තරුණයින් පිරිසක් එම ස්ථානයට දිව එද්දී සැකකරු පලාගොස් ඇති බවත් සැකකරු හදුනාගැනීමේ පෙරෙට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් පොලිසිය පවසයි.

දික්වැල්ල ප‍්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරු ඊයේ (02) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment