යුක්රේනය ආක්‍රමණය කරමින් සිටින රුසියානු හමුදාවන් යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන දකුණු යුක්රේනයේ පිහිටි ,සැපොරිස්සියා , බලාගාරය වෙත ඊයේ රාත්‍රියේ එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් එම බලාගාරය තුළ ගින්නක් හටගෙන තිබේ .ගින්නක් හටගත්තද එම ගින්න කඩිනමින් නිවා දැමු බවත් මේ හේතුවෙන් බලාගාරය තවමත් ආරක්ෂිත මට්ටමක පවතින බව සඳහන් කර සිටින යුක්රේන බලධාරීහු ප්‍රහාරයෙන් විකිරණ කාන්දු වීමක් සිදු නොවූ බවත් අවට පරිසරයේ විකිරණ මට්ටම සාමාන්‍ය මට්ටමේ පවතින බව අවධාරණය කර තිබේ.
මේ අතර න්‍යෂ්ටික බලාගාරයක් වෙත ප්‍රහාර එල්ල කිරීම තරයේ හෙළා දැක ඇති ලෝක බලවතුන් පවසා ඇත්තේ යම් හෙයකින් රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරය හේතුවෙන් බලාගාරය පිපිරී ගියේ නම් එය මුළු යුරෝපයම විනාශ වන තරමට දරුණු ව්‍යසනයක් ඇති වීමට ඉඩ තිබු බවයි.