යුක්රේනයේ බූචා නගරයේ සමූල ඝාතනයක් සිවිල් වැසියන් 410ක්ගේ සිරුරු හමුවෙයි

745

යුක්රේනයේ බූචා සහ අර්ෆින් නගර අසල සමූල ඝාතන සිදුවී ඇත. ළමුන් පවා මරාදමා ඇති අතර සමූහ ¥ෂණ ක‍්‍රියා ගැන තොරතුරු හෙළි වී තිබේ. කිව් අසල පිහිටි බුඩා සහ අර්ෆින්  නගරවලින් රුසියානු හමුදාව පිටව යෑමෙන් පසු යුක්රේන හමුදාව සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී සමූහ මිනීවළවල් රැසක් හමු වී ඇත.

 බූචා නගරයේදී හමු වූ සමූහ මිනීවලවල්වල තිබූ සිරුරුවල අත් පා බැඳ තිබූ බව ද අනාවරණය විය. යුක්රේන නඩු අධ්‍යක්‍ෂකවරු පැවසුවේ මළ සිරුරු 410ක් සොයාගත් බවයි. එම සිරුරුවල වෙඩි පහරවල් වැදුණු බවට සලකුණු දක්නට ලැබී ඇත. කිව් නගරය අසල මාර්ගයේ තිබී අත් බැඳ වෙඩි තබා මරා දමූ 14 හැවිරිදි දරුවකුගේ සිරුරක්ද හමු වී තිබේ.

 මේ පිළිබඳව යුක්රේන ජනපති සෙලෙන්ස්කි පැවසූවේ රුසියානු හමුදාව සමූලඝාතන සිදුකර ඇති බවයි. මළ සිරුරුවල පවා බෝම්බ සවිකර තිබුණා යැයි ජනපති සෙලෙන්ස්කි අනාවරණය කළේය. මේ අතර රුසියානු ගුවන් හමුදාවේ අධිතාක්‍ෂණ සුකොයි 35 වර්ගයේ යානාවක් යුක්රේන ගුවන් හමුදාව විසින් වෙඩි තබා බිම හෙළා ඇත. එහි නියමුවා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ප‍්‍රහාරක යානාවේ වටිනාකම ඩොලර් මිලියන 30ක් වේ. මේ වනවිට රුසියානු ප‍්‍රහාරක යානා 19 ක් විනාශ වී ඇත. යුක්රේන ආරංචි මාර්ග පැවසුවේ බි‍්‍රතාන්‍යය සැපයූ ස්ටාර්ස් ටෙ‍්‍රක් මිසයිලවලින් එම සුකොයි යානාව විනාශ වී ඇති බවයි. බි‍්‍රතාන්‍ය අගමැති බෝරිස් ජොන්සන් සඳහන් කළේ බි‍්‍රතාන්‍යය එවන් මිසයිල 60,000ක් යුක්රේනයට සපයා ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment