යුක්රේනයේ යුද බිමට යෑමට අකමැත්තෙන් රුසියානු පිරිමින් දහස් ගණනක් පළා යයි

703

යුක්රේනය යටත් කර ගනීම පිණිස යුද්දයට යවනු ඇතැයි බියෙන් රුසියාවේ පිරිමින් දහස් ගණනක් යාබද රටවලට පළා යෑම සඳහා කිලෝ මීටර් ගණනක දිග පෝලිම්වල සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙසේ යාබද රටවලට ඇතුළු වීමේ අරමුණින් පෝලිම්වල සිටින බොහෝ දෙනකු කලින් රුසියාවට අයත්ව තිබූ ජෝර්ජියා රාජ්‍යයට යෑම සඳහා පෝලිම්වල සිටින බව වාර්තා වී තිබේ. ජෝර්ජියාවට යෑමට රුසියානු ජාතිකයන්ට වීසා අවශ්‍ය නොවීම හේතුවෙන් බොහෝ දෙනකු එරටට යෑමේ අපේක්ෂාවෙන් සිටින අතර මෙහිදී රුසියානු – ජෝර්ජියා දේශ සීමාව තරණය කිරීමට රුසියානු පිරිමින් දිගු වේලාවක් තිස්සේ පෝලිම්වල සිටින බව රුසියානු මාධ්‍ය පවසයි. රුසියානු ජනාධිපති ව්ලඩිමීර් පුටින් විසින් යුක්රේනයේ එරට හමුදාවන්ට එරෙහිව සටන් කිරීම පිණිස රුසියානු ජාතිකයන් තුන් ලක්ෂයක් දෙනා සටනට යැවීමට ගෙන තිබෙන තීරණය නිසා යුක්රේනයට යෑමට අකමැත්තෙන් රුසියානු පිරිමින් මෙසේ යාබද රටවලට පළා යමින් සිටින බව වාර්තා වේ.

මෙසේ පළා යන බොහෝ දෙනා මෝටර් රියවලින් හා බයිසිකල්වලින් ගමන් කරමින් සිටී.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment