යුක්‍රේනයේ රූගත කළ ‘නාටු නාටු’ ඔස්කාර් සම්මාන දිනීම

585

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ දී පැවැත්වුණු අතර ජිමී කිමෙල් විසින් සම්මාන උළෙල මෙහෙයවනු ලැබීය. ඇමෙරිකානු ප්‍රහසන ශිල්පියෙකු වන ඔහු 2017 දී, හොඳම චිත්‍රපටයේ ජයග්‍රාහකයා වැරදි ලෙස ප්‍රකාශ කිරීමෙන් පසු සම්මාන උළෙලේ ඇතිවූ අවුල් සහගත තත්ත්වය අමතක කිරීමට මෙවර උත්සාහ කරනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. ඉකුත් බදාදා ඩොල්බි රඟහලේ මාධ්‍ය හමුවකදී, කිමෙල් තවත් විහිළුවක් කරමින් පවසා තිබුණේ 1960 න් පසු ප්‍රථම වරට සම්මාන උළෙලේ රතු පලසේ වර්ණය වෙනස් වූ බවය. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ වැදගත් සිදුවීම වන්නේ තෙළිඟු බසින් තිරගතවූ ජනප්‍රිය චිත්‍රපටයක් වන ඍඍඍ හි ‘නාටු නාටු‘ ගීතය ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම මුල් ගීතය ලෙස සම්මාන ලැබීමයි. මේ ගීතය සම්මාන උළෙලවල ප්‍රියතම ගීයක් බවට පත්වූ අතර ගෝල්ඩන් ග්ලෝබ් සහ ක්‍රිටික්ස් චොයිස් සම්මානයන්ද දිනා තිබේ. චිත්‍රපට ගීයක් සඳහා ඉන්දියාව අවසන් වරට ඔස්කාර් සම්මානයක් ලැබුවේ 2009 දීය. ඒ, ස්ලම්ඩෝග් මිලියනෙයර් චිත්‍රපටයේ ‘ජය හෝ’ ගීතය සඳහා හොඳම මුල් ගීතය සහ හොඳම මුල් සංගීත නිර්මාණයට හිමි සම්මානයන් ඒ. ආර්. රහමන්ට හිමිවූ අවස්ථාව යි.

යුක්‍රේනයේ රූගත කළ ‘නාටු නාටු’ ඔස්කාර් සම්මාන දිනීම
ඔස්කාර් සම්මානය දිනාගත් පළමු ආසියාතිකයා – මිෂෙල් යෝ

ඍඍඍ හි චිත්‍රපටය යටත්විජිත බි්‍රතාන්‍ය පාලනයට එරෙහිව සටන් වැදි සැබෑ ඉන්දියානු විප්ලවවාදීන් දෙදෙනෙකු වටා ගෙතුණු ප්‍රබන්ධ කතාවක් ඉදිරිපත් කරන මේ ඓතිහාසික ෆැන්ටසි චිත්‍රපටය, ඉන්දියාවේ වැඩිම මුදලක් වැයකර නිෂ්පාදන කළ චිත්‍රපටවලින් එකකි. විශ්මයජනක ක්‍රියාදාම අංගයන්, උද්යෝගීමත් නර්තන අංගයන් කිහිපයක් හා දේශප්‍රේමී තේමා එයට ඇතුළත් ය. මෙම චිත්‍රපටයට විචාරකයන්ගෙන් ද ප්‍රශංසනීය ප්‍රතිචාර ලැබී ඇති අතර, එඩ්ගා රයිට් සහ ජේම්ස් ගන් වැනි ප්‍රමුඛ පෙළේ හොලිවුඩ් අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රශංසාවන්ට ද භාජනයවී තිබිණි. මිනිත්තු හතරහමාරක් දිග ඔස්කාර් සම්මානයෙන් පුද ලැබූ මේ ගීය පටිගත කෙරුණේ, 2021 වසරේ දී, යුක්රේන ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කිගේ නිල නිවෙස ඉදිරිපිට දීය. මෙම ගීතය ඔස්කාර් වේදිකාවේ රාහුල් සිප්ලිගුන්ජ් සහ කාල බහිරව විසින් ගායනා කරන ලදී. ඔස්කාර් සම්මාන උළෙලේ නිවේදිකාවක් ලෙස කටයුතු කළ දීපිකා පදුකෝන් විසින් මෙම ගීතය හඳුන්වා දුන්නාය.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සහාය නළුවා සම්මානය ”Everything Everywhere All at Once˜ සිනමා පටයේ රංගනය වෙනුවෙන් කී හේ ක්වෑන් හිමිකරගෙන තිබේ. හොඳම සහාය රංගන ශිල්පිනියට හිමි සම්මානය˜ Everything Everywhere All at Once˜ සිනමා පටයේ රංගනය වෙනුවෙන් ජේමි ලී කර්ටිස් විසින් හිමිකර ගත්තාය. සම්මාන උළෙලේ වැඩි අවධානයක් දිනාගත්, හොඳම රංගන ශිල්පියාට හිමි සම්මානය දිනාගත්තේ බ්‍රැන්ඩන් ෆ්රේසර් විසිනි. ඒ ද වේල් සිනමාපටය වෙනුවෙනි. හොඳම රංගන ශිල්පිනියට හිමි ඔස්කාර් සම්මානය දිනාගත් පළමු ආසියාතිකයා බවට පත්වෙමින් මෙවර එම සම්මානය දිනාගැනීමට මිෂෙල් යෝ සමත් වුණි. ඒ “”Everywhere All at Once” සිනමා පටය වෙනුවෙනි. සුදු හමක් නොමැති අයෙක් එම සම්මානය පාත්‍ර වූ පළමු අවස්ථාවද මෙයයි. මේ අතර සම්මාන උළෙලේ අවසන් සම්මානය වන හොඳම සිනමාපටයට හිමි සම්මානය දිනාගත්තේ ”Everything Everywhere All at Once˜ සිනමා පටයයි. Everything Everywhere All At Once චිත්‍රපටය හොඳම චිත්‍රපටයට හිමි සම්මානය මුල සිටම පෙරමුණේ සිටියේය.

එසේම ඉන්දියාවෙන් ඉදිරිපත්කර තිබු The Elephant Whisperers කෙටි චිත්‍රපටයද ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබීය.

  • චතුර පමුණුව
advertistmentadvertistment
advertistmentadvertistment