යුක්රේනයේ සහායට ශ‍්‍රී ලංකාවේ විදෙස් තානාපතිවරු 17 දෙනෙක් රැස්වෙති

444

යුක්රේනයට සහාය පලකරමින් ශ‍්‍රී ලංකාවේ විදේශ තානාපතිවරු 17 දෙනෙක් ඊයේ (11 දා) කොළඹදී රැස්වූහ.

එහිදී ඔවුන් ප‍්‍රකාශ කළේ කුපිත කිරීමක් නොමැතිව, අනපේක්‍ෂිත ලෙස රුසියාව ස්වෛරී රාජ්‍යයකට එරෙහිව සිදු කරන ප‍්‍රහාර ලොව වටා ජාතීන්ගේ හෙළා දැකීමට පාත‍්‍රවී ඇති බවයි. යුක්රේනයේ සිදු කෙරෙන හමුදා මෙහෙයුම් නොපමාව අවසන් කරන ලෙස ඔවුහු එහිදී පැවසූහ.

ඔස්ටේ‍්‍රලියාව, කැනඩාව, යුරෝපීය සංගමය, ප‍්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, කොරියාව, මාලදිවයින, නෙදර්ලන්තය, නවසීලන්තය, නෝර්වේ, රුමේනියාව, ස්විට්සර්ලන්තය, තුර්කිය, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල නියෝජිතයෝ ඊයේ මෙලෙස රැස්වූහ.

එහිදී ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චංග් මහත්මිය පැවසුවේ ස්වෛරීය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක, ඔවුන්ගේම අනාගතය තෝරා ගැනීමට නිදහස ඇතිව සාමකාමීව ජීවත්වීමට යුක්රේන ජනතාවට ඇති අයිතියට සහාය දැක්වීම සඳහා වෙනත් බොහෝ ජාතීන් සමග එක්ව නැ`ගීසිටීම ගැන ආඩම්බර වන බවය.

උපාලිද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment